Connect with us

ක්‍රීඩා

ඉන්දියාවට ආසියානු කුසලාන අටවැනි ජය; ලංකාවට කුජීත පරාජයක්

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයෙන් කඩුළු 10ක පහසු ජයක් ලැබූ ඉන්දීය පිල අටවැනි වතාවටත් එම කුසලානය දිනා ගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 50 කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

ඒ අනුව ඉන්දීය පිලට ජයග්‍රහණය සඳහා ලකුණු 51 ක ඉලක්කයක් පමණක් සම්පූර්ණ කිරීමට භාරවිය.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ද වේ.

කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස්කරමින් ඉනිම ඉහළතම ලකුණු ලාභියා බවට පත්වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවන් නවයකට ඉලක්කම් දෙකේ සීමාවට ඒමට නොහැකිවීම කැපී පෙනුණි. 

දකුණතින් වේග පන්දු යවන මොහොමඩ් සිරාජ්, ශ්‍රී ලංකා ඉනිමේ විනාශකරු බවට පත්වෙමින් ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිල (පන්දුවාර 15.2කදී) 50 (කුසල් මෙන්ඩිස් 17, දුෂාන් හේමන්ත 13, මොහොමඩ් සිරාජ් 21/6, හර්ද්‍රික් පාණ්ඩියා 3/3)

ඉන්දියානු පිල (පන්දුවාර 6.1කදී) කිසිවකු නොදැවී 51 (ඉෂාන් ක්‍රිෂන් (නොදැවී) 23, ෂුබ්මන් ගිල් (නොදැවී) 27)

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved