ක්‍රීඩා

නවසීලන්තයට එරෙහි අවසන් එක්දින තරගයෙන් ප්‍රබල ක්‍රීඩකයන් 4ක් නිදහස්

Published

on

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අවසන් එක්දින ජාත්‍යන්තර තරගයට අදාල ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් සිව්දෙනෙක්ව නිදහස් කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස නිදහස් කර ඇති ක්‍රීඩකයන් වන්නේ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා අසිත ප්‍රනාන්දු ය.

ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ලහිරු උදාර, සහ ඒෂාන් මාලිංග සංචිතයට එක් කර ඇතැයි වාර්තා වේ.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තීරණාත්මක ටෙස්ට් තරගාවලියට සූදානම් වීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. 
නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට ජයග්‍රහණය කර අවසන්ය.

Trending

Exit mobile version