Connect with us

ක්‍රීඩා

නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

Published

on

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ ස්කොට්ලන්තයට එරෙහිව අද පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකරගත් නෙදර්ලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 277ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Brandon McMullen හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමග ලකුණු 106ක් රැස්කළේය.

නායක Richie Berrington ස්කොට්ලන්තය වෙනුවෙන් ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත්විය.

අගනා පන්දු යැවීමක නිරත වූ Bas de Leede කඩුලු 5ක් බිඳහෙළීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 278ක් රැස්කරගනිමින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.

එහිදී මෙම තරගය පුරා අනසක පතුරමින් තරගයේ වීරයා වූ Bas de Leede පිත්තෙන් ද දස්කම් දක්වමින් හයේ පහර 5ක් සහ හතරේ පහරා 7ක් සමග ලකුණු 123ක් රැස්කළේය.

Vikramjit Singh ලකුණු 40ක් රැස්කිරීමට සමත්විය.

අවසානයේ පිටියට පිවිසි Logan van Beek කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයමින් ලකුණු 33ක් රැස්කර ගැනීමට සමත්විය.

ක්‍රීඩා

ICC T 20  ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Published

on

By

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය.

එම සංචිතය පහතින්,

  • වනිදු හසරංග (නායක)
  • චරිත් අසලංක (උපනායක)
  • කුසල් මෙන්ඩිස්
  • පැතුම් නිස්සංක
  • සදීර සමරවික්‍රම
  • ඇන්ජලෝ මැතිව්ස්
  • කමිදු මෙන්ඩිස්
  • දසුන් ශාකක
  • ධනංජය ද සිල්වා
  • මහීෂ් තීක්ෂණ
  • දුනිත් වෙල්ලාලගේ
  • දුෂ්මන්ත චමීර
  • නුවන් තුෂාර
  • මතීෂ පතිරණ
  • ඩිල්ෂාන් මදුශංක

කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ,

  • අසිත ප්‍රනාන්දු
  • විජයකාන්ත් වියස්කාන්ත්
  • භානුක රාජපක්ෂ
  • ජනිත් ලියනගේ

Continue Reading

ක්‍රීඩා

හරීන්ගේ ගැසට් ජංජාලය ක්‍රීඩා පිටිය අවුල් ජාලයක් කරයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වරින් වර නිකුත් කරන ලද සියලුම ගැසට් පත්‍ර අවලංගු වන ලෙස අලුතින් නිකුත් කළ ගැසට් පත්‍රය මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබේ. 

මේ අනුව විශේෂයෙන්ම හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් බලය අත් නොහැර දිගින් දිගටම ක්‍රීඩා සංගම් ප්‍රධාන නිලතල අරක් ගෙන සිටින නිලධාරීන්ට එසේ බලයේ සිටීමට නොහැකි වන ලෙස පනවා තිබූ නීති සියල්ල අහෝසි වී තිබීම විශේෂයෙන් කැපී පෙනේ. 

 නව ගැසට් පත්‍රය අනුව රොෂාන් රණසිංහ මහතා විසින් ප්‍රධාන නිලතල දරන නිලධාරීන්ට දෙවසරක කාල සීමාවන් දෙකකට පසු නැවත එක් වාරයකට එනම් වසර හතරකට පමණක් පනවා තිබූ කාල සීමාව වසර හතරක කාල සීමා දෙකකට එනම් වසර අටක් දක්වා දීර්ඝ කර තිබීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී තිබේ.

මේ අනුව බොහෝ ක්‍රීඩා සංගම් වල එලවා ගත නොහැකි අන්දමින් ඒවායේ චන්ද බලය අල්ලාගෙන සිටින කූඩැල්ලන් බඳු නිලධාරීන්ට වසර අටක් දක්වා බලයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇත. 

 මීට අමතරව දේශපාලනඥයකුට කිසිදු ක්‍රීඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට පනවා ඇති නව නියෝගය මතු දිනක මානව හිමිකම් කඩ වීම ගැන උසාවි යන තත්ත්වයකට යොමු වනු ඇතැයි වාර්තාවේ. 

 මීට පෙර මෙවැනිම දේශපාලනඥයන්ට තරග වැදිය නොහැකි ලෙස පනවන ලද නියෝගයකට එරෙහිව අර්ජුන රණතුංග මහතා මානව හිමිකම් නඩුවක් පවරා ඉන් ජයගත්තේය.

 රොෂාන් රණසිංහ මහතා විසින් පනවන ලද අවුරුදු 70 ට වැඩි අයකුට නිලතල වලට තරග වැදිය නොහැකි නීතියද හරින් ප්‍රනාන්දු ඇමතිවරයා විසින් මීට පෙර ඉවත් කරන ලදී.

Continue Reading

ක්‍රීඩා

චමරි හා ජයග්‍රාහී කාන්තා ක්‍රිකට් පිල දිවයිනට

Published

on

By

දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (09) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණියේ මාස දෙකක, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය.

ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .

“අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා…. “

එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved