පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පර්ත් හි දී හෙට (25) පැවැත්වේ.
එම තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක ක්‍රීඩා කිරීමට නියමිත බවට වාර්තා වේ.
හෙට පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 04.30ට ආරම්භ වීමට නියමිතයි.
අයර්ලන්තයට එරෙහිව පැවති තරගයේ පැතුම් නිස්සංක වෙනුවට අශේන් බණ්ඩාර කණ්ඩායමට කැඳවා තිබෙන අතර ශ්‍රී ලංකා සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු කැඳවා තිබේ.
ඒ අනුව කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වන මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මෙලෙස සංචිතයට කැඳවා ඇත.