ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix 2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.
යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය.
මේ අතර, එම තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව ඇත.