ක්‍රීඩා

ලංකාව ලෝක කුසලානයේ දෙවන ජය ලබයි

Published

on

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරඟය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්තය පරාජය කිරීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සහභාගිවූ තරග පහකදී ලැබූ දෙවන ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පත්විය.

එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156ක් රැස් කලහ.

පැතුම් නිස්සංක (නොදැවී 77) සහ සදීර සමරවික්‍රම (නොදැවී 65) තෙවැනි කඩුල්ලට ලකුණු 137ක නොබිදුනු සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළේය.

එංගලන්ත පිල ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 156 (ජොනි බෙයාස්ටෝ 30, ඩේවිඩ් මලන් 28, මුයින් අලී 15, බෙන් ස්ටොක්ස් 43, කසුන් රාජිත 36/2, ඇන්ජලෝ මැතිව්ස් 14/2, ලහිරු කුමාර 35/3)‍

ශ්‍රී ලංකා පිල ඕවර 25.4 කදී කඩුලු 2ට 160 (පැතුම් නිස්සංක නොදැවී 77, සදීර සමරවික්‍රම නොදැවී 65, ඩේවිඩ් විලි 30/2)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කිරුළේ ආසන්නතම හිමිකරුවන් වන එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ ලැබූ මෙම පරාජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය හිමි විය.

Trending

Exit mobile version