ක්‍රීඩා

විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය UAE වලට

Published

on

බංග්ලාදේශය තුළ පැවැත්වීමට සූදානම් කර තිබූ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

මෙවර විස්සයි 20 කාන්තා ලෝක කුසලානය එළඹෙන ඔක්තෝබර් මස 03 වනදා සිට පැවැත්වීමට නියමිතව තිබුණි.

බංග්ලාදේශය තුළ පවතින දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් එය සැලසුම් කළ ලෙස බංග්ලාදේශයේම පවත්වනවාද, නැතිනම් වෙනත් රටකට රැගෙන යන්නේ දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉකුත් දින කිහිපයේ සලකා බලමින් තිබුණි.

ඒ අනුව, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සත්කාරකත්වය යටතේ මෙම තරගාවලිය ඩුබායි හා ෂාජා නගර වල ඔක්තෝබර් 03 – 20දා දක්වා පැවැත්වෙනු ඇත.

මේ අතර, මේ නොවැම්බරේදී සිය ධූර කාලය අවසන් වීමෙන් පසුව එම ධූරයෙන් ඉවත් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ මහතා සනාථ කර ඇත.

පළමුවරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස 2020 නොවැම්බර් මාසයේදී පත්වුණු ඔහු වසර 2022දී යළිත් එම ධූරයට නිතරගයෙන් පත්විය.

ඒ අනුව මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වෙයි.

Trending

Exit mobile version