Connect with us

ක්‍රීඩා

සරසවි ගිම්හාන ක්‍රීඩා උළෙලේ පිටියෙන් පිට රවුමක් (වීඩියෝ)

Published

on

චීනයේ ච‌ෙංඩු නගරයේදී ඉකුත් 28 වැනිදා චීන ජනපති ෂිජිං පිං මහතා විසින් ආරම්භ කළ 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල මේවන විට අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙමින් තිබේ.

එය අවසන්වන්නේ අගෝස්තු 08 වනදා ය. 

මේ සඳහා ලොව පුරා රටවල් 113කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,500 ක් සහභාගි වී සිටී.

මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයන් පිරිසක් ද ඊට සහභාගිවී සිටිති.

මේ කතාව එම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් නම් නොවෙයි. ඒ කතාව දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

* Video Credits – cctvplus.com

#Welcome: Subscribe and  to OFFICIAL SRILANKAMIRROR YouTube : https://www.youtube.com/@SriLankaMirrorVideos

 Twitter : https://twitter.com/SriLankaMirror 

 Like us on FB@ : https://www.facebook.com/slmirror 

 English: http://www.srilankamirror.com 

 Sinhala: https://sinhala.srilankamirror.com

ක්‍රීඩා

කුසල්ට වීසා ලැබෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් හට අමෙරිකානු වීසා ලැබී තිබේ.

ඒ, ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ඔහු ඉදිරි‌යේ දී අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ බව සඳහන් වේ.

Continue Reading

ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වේ.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දේශීය හා විදේශීය ක්‍රිඩකයින් ගණන 420කි.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්ය.  

ප්‍රකට ඉන්දීය වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙම වෙන්දේසිය මෙහෙයවනු ලැබේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග්, LPL  ක්‍රිකට් තරඟාවලිය ජූලි 01වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වීමට නියමිතය.

පල්ලේකැලේ, දඹුල්ල සහ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇත

තරඟාවලිය ජූලි 21වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ආසියානු සහය දිවීමේ රිදී පදක්කම ලංකාවට

Published

on

By

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියේදී අද (20) පස්වරුවේ පැවැති මීටර 400×4 මිශ්‍ර සහාය ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3.14.12ක කාලයකදී තරගය නිමාකරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූහ.

අරුණ දර්ශණ, සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර හා නදීෂා රාමනායක යන අයගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත විය.

මෙහි රන් පදක්කම විනාඩි 3.17.00කින් තරගය අවසන් කළ ඉන්දීය කණ්ඩායමත්, ලෝකඩ පදක්කම විනාඩි 3.18.45කින් අවසන් කළ වියට්නාම කණ්ඩායමත් දිනාගත්තේය.

සහාය දිවීමේ ශූරතා තරගාවලියක් ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved