පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවති අවසන් මහා තරගය කඩුලු 05 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.
මුලින් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, පාකිස්තානු කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 137කට සීමා කිරීමට එංගලන්ත පන්දුයවන්නන් සමත් විය.
පිළිතුරු වශයෙන් පන්දුවට පහරදීමට පිවිසි එංගන්ත කණ්ඩායම තවත් එක් පන්දුවාරයක් පමණක් ඉතිරිව තිබියදී එම ඉලක්කයට ළඟාවීමට සමත් විය. මෙහිදී බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 52ක් රැස් කිරීමට සමත්විය.