Connect with us

ක්‍රීඩා

 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරයි (ඡායා)

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර, 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

 ඊයේ (03) එස්එස්සී පිටියේදී නිමාවූ මේ තරගය කොළඹ නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී සිටීම විශේෂ සිද්ධියකි.

මෙම දෙදින මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ආනන්ද පිල මුලින් පන්දුවට පහර දීමට නාලන්දාවට ආරාධනා කළ අතර, එහිදී නාලන්දා පිල මුල් ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කළේය.

ආනන්ද විදුහල ප්‍රතිවාදීන්ට කදිම පිළිතුරක් ලබා දෙමින් මුල් ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 286ක් ලබා තිබියදී ඉනිම අත්හිටුවූ අතර, නාලන්දාව දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටියදී තරගය නිමා වුණි.

ආනන්ද – නාලන්දා විදුහල් අතර, ‘සුලෝහිත සංග්‍රාමයේ’ වසර 9කට පසු නායකයකු ශතකයක් රැස් කරමින් වාර්තා පොතට එක්වූ සජිත විතානගේ පන්දු 178කදී නොදැවී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූවේය. 

හතරේ පහර 9ක් සහ හයේ පහර 2 කින් අලංකාර වූ සජිතගේ ඉනිම මේ මහා තරගය වර්ණවත් කළේය. 

මෙයට පෙර ආනන්ද – නාලන්දා විදුහල් අතර, 2015 වසරේ පැවති සුලෝහිත සංග්‍රාමයේදී ආනන්ද පිලේ නායක ෂම්මු අශාන් ශතකයක් වාර්තා කිරීමෙන් පසු නාලන්දා නායක සජිත ශතකයකින් නායකත්වයේ ඉනිමක් ගොඩනැංවීය.

නාලන්දා වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමේ සිට විවිධ වයස් ඛාණ්ඩ යටතේ වසර ගණනාවක් ක්‍රීඩා කළ සජිත මෙයට පෙර ශතකයක් වාර්තා කර නැති නමුත් මේ මහා තරගයේදී අවශ්‍යම වේලාවට තම විදුහල් මාතාව වෙනුවෙන් ශතකයක් රැස් කිරීම මෙහි ඇති විශේෂත්වය වේ. 

පන්දු 141කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 84ක් රැස් කළ සදෙව් සමරසිංහ සමඟ එක්වූ සජිත සිවුවැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් එක් කළ අතර, සජිත විතානගේ සහ ඔසඳ පමුදිත අතර පස්වැනි කඩුල්ලට ගොඩනැඟූණු අගනා ලකුණු 104ක සබඳතාව තීරණාත්මක විය.

ආනන්දය වෙනුවෙන් දිනද අතලගේ ලකුණු 71ක් ලබාගත් අතර, කිත්ම විදානපතිරණ ලකුණු 76ක් ලබා ආනන්ද – නාලන්දා මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතරට එක් වූහ. නාලන්දා දෙවැනි ඉනිමේදී ප්‍රදර්ශනාත්මක ප්‍රහාරයක් එල්ල කළ මනූප මින්මිත පන්දු 24කදී ලකුණු 41ක් ලබා ගැනීමට සමත් විය.

මේ මහා තරගයේ හොඳම පිතිකරු සම්මානය නාලන්දා විදුහලේ සදෙව් සමරසිංහ, හොඳම පන්දු යවන්නා ආනන්ද විදුහලේ කවීෂ මෙන්ඩිස්, හොඳම පන්දු රකින්නා ආනන්ද විදුහලේ කිත්ම විතානපතිරණ හා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා නාලන්දා නායක සජිත විතානගේ සම්මාන දිනා ගත්හ.

මේ මස 17 වැනිදා ආනන්ද – නාලන්දා එක්දින තරගය පැවැත්වීමට නියමිතය.‍

නාලන්දා විදුහල පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 277 
සදෙව් සමරසිංහ 84, සජිත විතානගේ නොදැවී 100, ඔසඳ පමුදිත 31, මනුප මන්මිත 24, අශිංස නයිනායක 76/3, කවීෂ මෙන්ඩිස් 51/2, යසඳු කිරිඇල්ල 33/2, රුවිෂාන් පෙරේරා 56/1 

දෙවැනි ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 120 

සදෙව් සමරසිංහ 43, රිසත් ජයරත්න 15, මනුප මන්මිත 41, සජිත විතානගේ නොදැවී 15, කවීෂ මෙන්ඩිස් 24/2, රුවිෂාන් පෙරේරා 28/1

ආනන්ද විදුහල පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 286 

කාංචන ද ලිවේරා 33, අශිංස නයිනායක 31, දිනද අතලගේ 71, ඉරුත් ගිම්ෂාන් 22, කිත්ම විතානපතිරණ 76, ඉසුරු අයේෂ් 20, ඔසඳ පමුදිත 19/3, තිසර දෙව්දුනු 58/1, නඳුල් 33/1, හසිත් රත්නායක 42/1, සනිතු විජේරත්න 43/2

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

යුපුන් අද තරඟ බිමට

Published

on

By

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වේ.

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර හෙට (19) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇත.

Continue Reading

ක්‍රීඩා

හර්දික් පාණ්ඩ්‍යා ට තරඟ තහනමක්

Published

on

By

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

ඒ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සහභාගී වූ අවසන් තරගයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙනි.

හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා ඇති බව සඳහන් ය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ,  කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බවය.

අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වන අතර ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved