ක්‍රීඩා

“95 වැනි සුලෝහිත සංග්‍රාමය” ජය පැරදුමෙන් තොරයි

Published

on

කොළඹ ආනන්ද – නාලන්දා විදුහල් අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී “95 වැනි සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (02) ජය පරාජයෙන් තොරව අවසන් විය.

කෙසේවුවද, තරගයේ පළමු ඉනිමේ ජය හිමි වූයේ නාලන්දා විද්‍යාලයටයි.

ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය තුන් දින තරගයක් ලෙස පැවැති පළමු අවස්ථාව මෙයයි.

එහි පළමුවෙන් පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 324ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිටුවූවේ ය.

ආනන්ද ඉනිමට දිනද අතලගේ ලකුණු 131ක් එක් කිරීම කැපී පෙනුනි.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නාලන්දා විදුහල සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස්කර ඉනිම අත්හිටුවීමට කටයුතු කළේය.

නායක සදෙව් සමරසිංහ ලකුණු 40යි.

නදුල් ජයලත් ලකුණු 111ක් රැස් කළේ ය.

ශාරද ජයරත්න කඩුලු 4යි.

දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද විදුහල් කණ්ඩායම අද තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස් කරගෙන සිටියේ ය.

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ තරගයේ වීරයා සම්මාන දිනා ගත්තේ ආනන්ද විද්‍යාලයේ දිනද අතලගේ.

තරගයේ දක්ෂතම පිතිකරු –  නාලන්දා විද්‍යාලයේ නදුල් ජයලත්

දක්ෂතම පන්දු යවන්නා –  ආනන්ද විද්‍යාලයේ ශාරද ජයරත්න

දක්ෂතම පන්දු රකින්නා – නාලන්දා විද්‍යාලයේ තිසර දෙව්නුදු

සබැඳි පුවත්

Trending

Exit mobile version