ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරඟාවලියේ එක්සත් අරාබි එමීර්ට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 79ක පහසු ජයක් හිමිකර ගැනීමට සමත් විය.
තරගාවලියේ රැදී සිටීමට නම් ශ්‍රී ලංකාවට මේ තරගය ජය ගැනීම අනිවාර්ය විය.
ඒ ශ්‍රී ලංකාව පළමු තරගයෙන් නැමීබියාව වෙතින් පරාජය ලැබීම නිසාය.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත්විය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමඟ ලකුණු 74ක් රැස්කර කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 17.1 කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 73ක් පමණි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්විය.
මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගත් අතර ප්‍රමෝද් මදුශාන් සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.