ක්‍රීඩා

SLCය ට ඇති දේශපාලන බලපෑම් හොයන්න ICC ලොක්කෙක් එයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් ක්වාජා මහතා අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්  හමුවී තිබේ. 

ඒ අනුව ක්වාජා මහතා අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති – ශම්මි ද සිල්වා මහතා හා එහි විධායක කමිටුවට හමුවී ඇත.

ක්වාජා මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඔහුට ක්‍රීඩා අමාත්‍යවරයාව හමුවීමට අවශ්‍ය බවත්, මේ මස 08දා ලිපියක් යොමු කරමින්  අමාත්‍යවරයාව දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Trending

Exit mobile version