ක්‍රීඩා

ධනුෂ්ක ගැන පරීක්ෂණයක් අරඹන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි

Published

on

ඊයේ (05) රාත්‍රියේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු හෙට (07) අධිකරණයේ පෙනී සිටීමට නියමිත බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දැනුම් දුන් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් උසාවියේ ක්‍රියාපටිපාටීන් සමීපව නිරීක්ෂණය කරන බවත්, ඇති අතර, ICCය සමඟ සාකච්ඡා කර, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන අතර, වරදකරු වුවහොත් ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගනු ඇත.

Trending

Exit mobile version