Videos

පෞරාණිකත්වය හා නූතනත්වය සමගින් යළි පණ ලබන පිංයාඕ (වීඩියෝ / ඡායා)

Published

on

චීනයේ ෂැන්ෂි පළාතේ පිහිටා ඇති පිංයාඕ ඓතිහාසික නගරය, එරට හන් චීන සංස්කෘතික ප්‍රදේශයේ පිහිටා ඇති වඩාත්ම සංරක්ෂණය වී පවතින පුරාණ නගරය ලෙස සැලකේ.

වසර 2,700කට වැඩි ඉතිහාසයක් ඇති පිංයාඕ නගරයෙන්, සියවස් පහක් පුරාවට අධිරාජ්‍ය චීනයේ පැවති ගෘහනිර්මාණ ශෛලීන් සහ නගර සැලසුම් පරිණාමය මැනවින් පිළිඹිබු කරයි. 

වසර 1997 දී මෙය UNESCO ලෝක උරුමයක් ලෙසද නම් කෙරුණි.

වර්ග කිලෝමීටර් 2.25 ක මුළු භූමි ප්‍රමාණයකින් යුත් පිංයාඕ නගරයෙන්, මිං හා චිං රාජවංශ වල සිට පැවති පෞරාණික ලක්ෂණ තවමත් දිස්වේ. වීදි සහ මංතීරු 100කට අධික ප්‍රමාණයක් තිබෙන මෙම නගරයේ, සංරක්ෂිතව පවතින  ඓතිහාසික ලක්ෂණ සහිත සාම්ප්‍රදායික නිවාස 3,797ක්ද පවතියි. අදටත් මෙහි 42,000ක පමණ ජනගහනයක් ජීවත් වේ.

පිංයාඕ නගරයේ තවත් විශේෂත්වයක් වන්නේ 19 වන සියවසේ සිට 20 වන සියවසේ මුල් භාගය දක්වා එය චීනයේ මුල්‍ය මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමයි.

Covid-19 වසංගතයෙන් පසුව පිංයාඕ නගරයට යළිත් සංචාරකයන් ලොව නන් දෙසින් පැමිණෙමින් සිටියි. මෙම නගරය යළිත් ජීවය ලබන්නේ සියවස් ගණනාවක් පුරා රැකුණු එහි විශ්මයජනක ඓතිහාසික නටඹුන් පමණක් නිසාම නොව,  විවිධ වෙළඳ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල්, නාට්‍ය සංදර්ශන සහ සෘතුමය උත්සව වැනි නවීන අංග ද සමඟිනි.

(සටහන / වීඩියෝ / ඡායා : ශානිකා ජයසේකර)

Trending

Exit mobile version