ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉලක්ක කර ගත් තලේබාන් රජයේ ප්‍රතිපත්තීන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් හෙළා දැක තිබේ.
පසුගිය සතිය තුළදී තලේබාන් රජය විසින් කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සහ රාජ්‍ය නොවන සංවිධානවල (NGO) සේවය කිරීම තහනම් කර තිබුණි.
සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ආරක්ෂක කවුන්සිලය පවසා තිබුණේ කාන්තා අධ්‍යාපනය සඳහා වැඩිවෙමින් පවතින සීමා බාධක පිළිබඳව තමන් “දැඩි ලෙස කනස්සල්ලට පත්වන” බවයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා ඇත්තේ මෙම නව සීමාවන් “වහාම ඉවත් කළ යුතු” බවයි.