විදෙස්

එංගලන්තයට හානි ගෙන ආ “එඔවින්”

Published

on

“එඔවින්” සුළි කුණාටුව හේතුවෙන් එක්සත් රාජධානියට සහ අයර්ලන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් මිලියනයකගේ පමණ විදුලිය සහ ජලය සැපයුම ඇණහිට ඇති බවයි.

එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ වසර 27කින් වාර්තා වූ වැඩිම සුළඟේ වේගය ඊයේ(24) වාර්තා විය.

එම කලාපයේ, පැයට කිලෝමීටර 180 ඉක්මවූ තද සුළං ඇතිවූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

ස්කොට්ලන්තයේ සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර උතුරු අයර්ලන්තයේ සියලුම පාසැල් වසා දමා තිබේ.

කලාපයේ ගුවන් තොටුපොළ මෙහෙයුම්වලට ද දැඩි බාධා එල්ල වී ඇති අතර අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 1,200කට අධිකයි.

Trending

Exit mobile version