ලොව ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන ටෙලිග්‍රෑම් හි නිර්මාතෘවරයෙකු හා ප්‍රධාන විධායක නිලධාරියා වන – පැවෙල් ඩුරොව් (Pavel Durov) අගෝස්තු 24 වැනිදා රාත්රියේදී ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ පැරීසියට උතුරින් පිහිටි ගුවන් තොටුපොළකට ඔහුගේ පෞද්ගලික ජෙට් යානය ගොඩබැස්සවීමත් සමඟයි.
මෙම අත්අඩංගුවට ගැනීමට සම්බන්ධයෙන් ටෙලිග්‍රෑම් වෙත එල්ල වී ඇති චෝදනා අතර, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, වංචා හා මුදල් විශුද්ධිකරණය ද ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.