තායි කුඩා ගුවන් යානයක් (Cessna Caravan C208B) , බැංකොක් සිට ගිනිකොන දෙසින් පිහිටි වනාන්තර සහිත භූමි ප්‍රදේශයකට කඩා වැටී තිබේ.
මෙහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලු තායිලන්ත ජාතිකයන් 4 ක් සහ චීන සංචාරකයින් 5 ක් ගමන් කර ඇති බව සඳහන්ය.
මෙම කුඩා ගුවන් යානය ගුවන් ගතව මිනිත්තු 11 කට පසු බිම් පාලනය සමඟ සම්බන්ධතා නැති වූ බව විදෙස් වාර්තා වල සඳහන්ය.
අනතුරින් දිවි ගලවා ගැනීමට සමත්වූ කිසිවෙකු නොමැති බව සඳහන්ය.
අනතුර සිදු වූ Chachoengsao පළාතේ ආණ්ඩුකාර Chonlatee Yongtron අනතුරට හේතුව සොයා විමර්ශන සිදුකරන බව සඳහන් කර තිබේ.
ගුවන් යානය සිරස් අතට වැටී ඇති නිසා, සුන් බුන් අතරින් දේහයන් සෙවීම සඳහා මීටර් 10ක් (අඩි 33ක්) පමණ පොළව හැරීමට සිදුව ඇති බව නිලධාරීන් පවසයි