විදෙස්

ගාසා සටන් දිනකට පැය 4කට නවතියි

Published

on

උතුරු ගාසා තීරයේ සිවිල් දෛනිකව පැය 4ක කාලයකට ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය කටයුතු කරනු ඇතැයි අමෙරිකානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක – ජෝන් කර්බි පවසයි.

මේ සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ මෙම තීන්දුව, තමා ඊශ්‍රායලය සමග සති කිහිපයක් පුරාවට පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් බවයි.

ගාසා තීරයේ වැසියන්ට ඉවත්ව යාම සඳහා මානුෂිය කොරිඩෝ 02ක් හඳුන්වාදෙන බව ඔහු පවසයි.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඊජිප්තුවේ රෆා හුවමාරුව ඔස්සේ ගාසා තීරයට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන යාම වැඩි වී ඇති නමුත් දිනකට මෙවැනි ට්‍රක් රථ 150කට පමණ ගාසා තීරයට ඇතුල් කිරීමට හැකි වීම ඇමෙරිකාවේ ඉලක්කය බවද එහි දැක්වේ.

කෙසේවෙතත්, ඊශ්‍රායලය මීට කලින් පැහැදිලි කර තිබුණේ ගසා සිවිල් වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ගෙන යාමට ලබාදුන් උපායශීලී, දීර්ඝ විරාම පවතින නමුත්, “සටන් විරාම” නොමැති බවයි.

ඊයේ දිනයේදීද ගාසා තීරයේ ප්‍රධාන රෝහල් ආශ්‍රිතව සටන් පැවතුනි.

මේ අතර සිය සාමාජිකයින් 99 දෙනෙකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Trending

Exit mobile version