විදෙස්

ඩෙන්මාර්කයට අලුත් රජෙක් (වීඩියෝ)

Published

on

ඩෙන්මාර්කයේ නව රජු ලෙස එරට ෆ්‍රෙඩරික් කුමරු කිරුළු පැළඳ තිබේ.

දසවැනි ෆ්‍රෙඩරික් රජු ලෙස කිරුළු පැළඳි ඔහුට සුභපැතීමට දහස් ගණනක ජනතාව කෝපන්හේගන් අගනුවර පිහිටි ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාළිගය ඉදිරියට රැස්වී තිබුණි.

ජාතික කොඩි රැගෙන ප්‍රීතිඝෝෂා කරන දැවැන්ත ජනකාය දුටු ෆ්‍රෙඩරික් රජුගේ නෙතට සතුටු කඳුළක්ද එක්විය. ඔහු සමග

ඔහුගේ මව වන ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින, තමා ධූරයෙන් ඉවත් වන බවට නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කළාය.

(වීඩියෝ : බීබීසී)

Trending

Exit mobile version