ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට බලපෑමට නියමිත දරුණු හිමකුණාටුවකින් එරට ප්‍රාන්ත 30කට වැඩි ප්‍රමාණයක සිටින වැසියන් මිලියන 60කට වඩා වැඩි පිරිසකට බලපානු ඇතැයි වාර්තා වේ.
මෙය, දශකයකටත් වැඩි කාලයක් පුරාවට වැඩි කාලයක් තුළ ඇතිවිය හැකි දරුණුතම හිම පතනය විය හැකි බව එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් කැන්සාස්, මිසූරි, කෙන්ටකි, වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, ආකන්සාස් යන ප්‍රාන්ත වල මෙන්ම නිව් ජර්ස් හි ප්‍රදේශ කිහිපයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.