Connect with us

විදෙස්

බ්‍රිතාන්‍යය, සංක්‍රමණ නීති තවත් දැඩි කරයි

Published

on

සිය රටට පැමිණෙන විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය ඉතිහාසයේ මෙතෙක් නොදුටු අයුරින් කපා හැරීමට බ්‍රිතාන්‍යය පියවර ගැනීමට සූදානම් වෙයි.

2022දී එරටට පැමිණි විදෙස් සංක්‍රමණිකයන් ප්‍රමාණය වාර්තාගත ලෙස වැඩිවීමත් සමග බ්‍රිතාන්‍යය විසින් මෙම පියවර ගෙන තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු ලේකම් ජේම්ස් ක්ලෙවලි මහතා විසින් මේ සඳහා කරුණු පහකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ මේ අනුව පසුගිය වසරේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය කිරීමට හැකි වූ පුද්ගලයන් 300,000කට පමණ ඉදිරියේදී එසේ කිරීමට නොහැකි වනු බවට ඇස්තමේන්තු කරන බවයි.

මෙම නව නීති යටතේ උපස්ථාන සේවාවන් සඳහා බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වන සේවකයින්ට සිය පවුලේ සාමාජිකයින් ගෙන ඒමද තහනම් වනු ඇත.

NHS සෞඛ්‍ය සේවා ලබාගැනීම සඳහා විදේශීය සේවකයන්ට ගෙවීමට සිදුවන වාර්ෂික ගාස්තුව පවුම් 624 සිට 1,035 දක්වා වැඩි කිරීමට නියමිතය.

පවුලේ වීසා සඳහා අවම ආදායම ලබන වසන්තයේ සිට පවුම් 18,600 සිට පවුම් 38,700 දක්වා වැඩි කිරීමට නියමිතය.

විදෙස්

ආසියාවේ ප්‍රබලයන් අතරට ගිය ලාංකික යුවතිය

Published

on

By

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත් වූවාය.

මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි.

ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් “30 Under 30 Asia” ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.

කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මහත්මිය මෙම ලැයිස්තුවට ඇතුලත් වූවාය.

ඩිනාරා පුංචිහේවා මහත්මිය 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන “මාලා” ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය.මාලා චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතාන මහතාගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් “ගාඩි” චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරා මහත්මියට ප්‍රසන්න විතානගේ මහතා ආරාධනා කර තිබිණි.

ඩිනාරා මහත්මිය ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.

Continue Reading

පුවත්

කැත්‍රින් ගෙන් චීනයට විරෝධය  

Published

on

By

ශ්‍රී ලංකා ආර්ථික මුහුදු කලාපයෙන් චීන පර්යේෂණ නෞකා ඉවත්කර තැබීම සඳහා අමෙරිකාව මෙරට රජය සමඟ අඛණ්ඩව කටයුතු කරන බව ශ්‍රී ලංකාව සඳහා නම් කළ නව අමෙරිකානු තානාපතිනි එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය එරට සෙනට් සභාව ඉදිරියේ ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව් නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්‍රින් හෝර්ස්ට් මහත්මිය නම් කර තිබේ.

එරට ඇය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පාකිස්තානය භාර ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියකි.

පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් පාලනය සමයේ එරට කටයුතු සඳහා අමෙරිකාවේ ප්‍රබලව මැදිහත්වීමක් සිදුවූ බවට ද චෝදනා එල්ලවන්නේ එවන් පසුබිමක් තුළය.

කෙසේවෙතත් හෝස්ට් මහත්මිය මෙරට තානාපතිනිය ලෙස පත්වන්නේ එරට සෙනෙට් සභාවේ සහ ශ්‍රී ලංකා රජයෙන් අනුමැතිය හිමිවීමෙන් පසුව වන අතර පසුගියදා ඇය අමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව හමුවට කැඳවනු ලැබීය.

කෙසේවෙතත් එලිසබෙත් කැත්‍රින් හෝස්ට් මහත්මිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්:

“ලංකාවට පර්යේෂණ නැව් තහනම් කලේ ඇමරිකාව”  – උදය ගම්මන්පිල

Continue Reading

විදෙස්

පුටින් චීනයේ නිල සංචාරයක

Published

on

By

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

චීන ජනපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයෙන් රුසියානු ජනාධිපතිවරයා මැයි 16-17 දින වලදී මෙලෙස නිල සංචාරයක නිරත වනු ඇත.

චීන හා රුසියානු ජනාධිපතිවරුන් විසින් ද්වීපාර්ශ්වික සබඳතා, විවිධ ක්ෂේත්‍ර වල සහයෝගීතාවය මෙන්ම පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර සහ කලාපීය ගැටළු වැනි කරුණු ගැන සාකච්ඡා කිරීමට නියමිත බව චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වාං වන්බින් මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved