චීනයේ බෙයිජිං අගනුවර ඊයේ (14) සිදුවූ උමං මාර්ග දුම්රිය අනතුරකින් පුද්ගලයන් 515ක් වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් වලට යොමු කර ඇති බව වාර්තා වේ.
බෙයිජිං අගනුවරෙන් ඊයේ සවස අධික හිමපතනයක් වාර්තා වූ අතර, දුම්රිය මාර්ගය ලිස්සීම හේතුවෙන් එක් උමං මාර්ග දුම්රියක් හදිසියේ තිරිංග තදකර නවත්වා ඇති අතර, ඒ වන විට බෑවුම් ප්‍රදේශයක සිටි ඊට පසුපසෙන් ආ දුම්රියද නවත්වාගැනීමට නොහැකිවී ඉදිරියෙන් ඇති දුම්රියේ වැදී ඇත.
මෙලෙස රෝහල්ගත කළ මගීන්ගෙන් 102 දෙනෙකු අස්ථි බිඳීම් වලට ලක්වී ඇති බවද චීනයේ ෂින්හුවා මාධ්‍ය ඒජන්සිය වාර්තා කර ඇත.
එරට වේලාවෙන් අද පෙ.ව. 6.00 වන විට පුද්ගලයන් 423 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති බවත්, 25 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ද, තවත් 67 දෙනෙකු රෝහල් ප්‍රතිකාර ලබමින් සිටි බවද එම ෂින්හුවා පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
අනතුර සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
(මූලාශ්‍රය : ෂින්හුවා)