විදෙස්

IS, ඉරාන බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගනියි

Published

on

පසුගියදා ඉරානයේ සිදුවූ මාරාන්තික බෝම්බ ප්‍රහාර ද්විත්වයේ වගකීම භාරගන්නා බව IS ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත.

ටෙලිග්‍රෑම් ඇප් මෘදුකාංගය ඔස්සේ සිදුකර තිබූ මෙම නිවේදනයේ, මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඡායාරූපයක් ද නිකුත් කර තිබූ අතර, IS සංවිධානය පවසා තිබුණේ මෙම ප්‍රහාර මෙම පුද්ගලයන් දෙදෙනා විසින් සිදු කළ බවයි.

මෙම ප්‍රහාරයෙන් ප්‍රද්ගලයන් 84 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් රැසක් තුවාල ලැබීය.

ඉරානය මීට කලින් සැක පහළ කර තිබුණේ මෙම ප්‍රහාරය පසුපස ඇමෙරිකාව සිටින බවයි.

Trending

Exit mobile version