Connect with us

පුවත්

උඳු මෙට්‍රික්ටොන් 2000ක් ආනයනය කරයි

Published

on

උඳු ආනයනය  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20000ක් පමණ වන නමුත් එම නිෂ්පාදන වෙළෙඳ පොළට ලැබෙන කාල සීමාව හේතුවෙන් සෑම වසරකම අප්‍රේල් හා දෙසැම්බර් යන මාසවලදී වෙළඳපොලේ උඳු හිඟයක් දක්නට ලැබෙන බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඉදිරි උත්සව සමයේදී වෙළඳපොලේ ඇතිවිය හැකි උඳු ඇට හිඟය වැළැක්වීම සඳහා සහ උඳු මිල ඉහල යාම පාලනය කිරීම සඳහා පියවර ගත යුතුව ඇතැයි රජය කියයි.

එබැවින් දැනට උඳු අානයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති තාවකාලික තහනම ඉවත් කර 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ පනත මගින් පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව,ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා පමණක් දේශීය අවශ්‍යතාවය අනුව උඳු ඇට මෙට්‍රික් ටොන් 2000ක් ආනයනය කිරීම පිණිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

(ලංකාදීප)

පුවත්

හෙට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

මැයි දිනය වෙනුවෙන් හෙට (01) කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

කොළඹ නාගරික රථවාහන පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා නිලධාරීන් 1200 කට ආසන්න පිරිසක් යොදවා ඇති බවයි.

අත්‍යවශ්‍යම කරුණකට හැර හෙට පෙරවරු 11.00 න් පසු කොළඹ මාර්ග වලට වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද සිට කොළඹ නගරය ඇතුළු රැළි පැවැත්වෙන ප්‍රදේශවල ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසයි.

Continue Reading

පුවත්

ගුවන්තොටේ සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ .

අද (30) උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වේ.

මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත් අඩංගුවට ගෙන ඇති අතර  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව  එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ (2024-04-29) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ ඇත.

එම තීරණ මෙසේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved