Connect with us

පුවත්

පිරමීඩ් ව්‍යාපාර කරන ආයතන 8ක් එළියට!

Published

on

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවන ආයතන පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක කරන යොජනා ක්‍රම ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම, එවැනි යෝජනා ක්‍රම සඳහා මුදල් සැපයීම හෝ කළමණාකරනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව, එවැනි ව්‍යාපාර වල නිරත වී ඇති / වන සමාගම් 08ක්ද  ප්‍රසිද්ධ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

පුවත්

යුද හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් සෙබලෙක් මරුට

Published

on

By

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි කිලිනොච්චි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවව , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි සැරයන්වරයෙකු වන අතර ඔහු මුරුකන්ඩියේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කල අයෙකි.

සෙබළුන් පිරිසක් රැගෙන මාන්කුලම් සිට කිලිනොච්චි බලා ධාවනය වෙමින් තිබියදී කැබ් රථයට පිටුපසින් ධාවනය වූ ලොරි රථය එකවරම කැබ් රථය ගැටීමෙන් කැබ් රථයේ පිටුපස ගමන් ගත් සැරයන්වරයා මාර්ගයෙන් ඉවතට විසි වී විරුද්ධ දෙසින් පැමිණිලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා කිලිනොච්චි රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ අනෙකුත් සෙබළුන්  කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

කිලිනොච්චි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඡායාරූපය – Accident 1st

Continue Reading

පුවත්

උලපනේ හිමිට දැඩි ඇප කෝන්දේසි මත ඇප දෙයි

Published

on

By

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි, හිටපු නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද (26) නියෝග කළේය.

නරාහේන්පිට දාබරේ මාවතේ අනවසර පැල්පත් නිවාස හතකට නිකුත් කළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ දී ඊට විරෝධය පළකර බාධා කළේ යැයි චෝදනා ලබා නීතිඥවරුන් මාර්ගයෙන් පසුගිය 22 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටි මෙන්පසු බන්ධනාගාර ගත වූ උලපනේ සුමංගල හිමි, කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සුනන්ද ලියනපතිරණ, ඔහුගේ බිරිඳ වන හිටපු නාගරික මන්ත්‍රීනි දේවිකා මාතරආරච්චි, සමීර චතුරංග හා පුබුදු ලක්මාල් මෙසේ ඇප මත නිදහස් කෙරිණි.

පළවෙනි සැකකාර සමීර චතුරංගට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ස්වාමීන් වහන්සේ ඇතුළු සිසු සැකකරුවන්ට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කෙළේය.

සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කළර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවද සඳහන් කළේය.

Continue Reading

පුවත්

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවයක්

Published

on

By

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලදී.

Q.2 – 940 දරන මෙම ගුවන් යානය ජල ආචාර පවත්වමින් පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.

මෙතැන් සිට මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතය.

අඩු වියදම් ගුවන් සේවයක් වන මෙම ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා A.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානයෙන් මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා ද පැමිණ සිටියේය.

අමාත්‍යවරයා ඇතුළු එම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සඳහා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , මාලදිවයින ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඇඩම් සාදික් මහත්මිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved