Connect with us

පුවත්

මහජන බැංකුවට නව සභාපතිවරයෙක්

Published

on

මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස සුජීව රාජපක්ෂ මහතාගේ පත්වීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් සහ තවත් පත් කිරීම් කිහිපයක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය පසුගියදා (12) හිමි වූ බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා පැවසීය.

ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස  යමුනා පෙරේරා මහත්මියගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

එසේම, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතාගේ පත්වීමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළ බව ජයතිලක මහතා පැවසීය.

තවද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතාගේ පත්වීමටද, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස රත්නසිරි කලුපහන මහතාගේ පත්වීමටද, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු ඒ. ගල්කැටිය මහතාගේ පත්වීමටද, ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලයේ සභාපතිවරිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියගේ පත්වීමටද, ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතාගේ පත්වීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු ජෝන් සෙනවිරත්න, (නීතිඥ) ගරු තලතා අතුකෝරළ, ගරු උදය ගම්මන්පිල, (වෛද්‍ය) ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිලි

Published

on

By

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස  රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පාර්ලිමේන්තුවේදී  පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, 
“රජය අප්‍රේල් මාසයේ සිට සහල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩසටහන අගය කරනවා. නමුත් තෝරා ගැනීමේ ක්‍රමවේදය  පිළිබඳව බරපතළ  ගැටලු තියනවා… ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීම් සමහර තැන්වල සිදුවෙනවා. හාලිඇල ප්‍රදේශයෙන් එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒක හෙළි කළේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරන රජිත කීර්ති තෙන්නකෝන්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා… බෙදා දෙන හාල්වල ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. මොකද මේවා දෙන්නේ අපේ රටේ ජනතාවට. හොයලා බලලා කටයුතු කරන්න.”

Continue Reading

පුවත්

“එක්ස්ප්‍රස් පර්ල්”  විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණ නියෝගයක්

Published

on

By

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ( 25) නියෝග කළේය

නෞකාව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් පිළිබඳව කපිතාන්වරයා දේශීය නියෝජිතයාට දැනුම් දුන්නේද යන්න සහ එසේ නම් එම දත්ත විනාශ කළේද යන්න පිළිබඳව විමර්ශනය කඩිනම් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය. 

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවය. 

නෞකාව ගිනි ගැනීමට පෙර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දේශීය නියෝජිතයා දැනුවත් කළේද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනය විසින් වාර්තාවක් පසුගිය නඩු වාරයේදී ඉදිරිපත් කරන ලදී. වාර්තාවේ පිටපතක් විත්තිකරුවන්ට ලබාදෙන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දුන් අතර එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කලේය.

Continue Reading

පුවත්

යුද හමුදා රථයක් අනතුරට ලක්වීමෙන් සෙබලෙක් මරුට

Published

on

By

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන් 9 දෙනෙකු තුවාල ලබා ඇතැයි කිලිනොච්චි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවව , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි සැරයන්වරයෙකු වන අතර ඔහු මුරුකන්ඩියේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කල අයෙකි.

සෙබළුන් පිරිසක් රැගෙන මාන්කුලම් සිට කිලිනොච්චි බලා ධාවනය වෙමින් තිබියදී කැබ් රථයට පිටුපසින් ධාවනය වූ ලොරි රථය එකවරම කැබ් රථය ගැටීමෙන් කැබ් රථයේ පිටුපස ගමන් ගත් සැරයන්වරයා මාර්ගයෙන් ඉවතට විසි වී විරුද්ධ දෙසින් පැමිණිලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා කිලිනොච්චි රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

අනතුරින් තුවාල ලැබූ අනෙකුත් සෙබළුන්  කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

කිලිනොච්චි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

ඡායාරූපය – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved