Connect with us

ව්‍යාපාර

Google මව් සමාගමේ සේවකයන් 12,000ක් ගෙදර

Published

on

Google හි මව් සමාගම වන Alphabet විසින් සේවකයන් 12,000 ක් කපා හැරීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

Google සහ Alphabet හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් අභ්‍යන්තර විද්‍යුත් තැපෑලක් යවමින් මෙම සේවක කප්පාදුවේ “සම්පූර්ණ වගකීම” භාර ගන්නා බව පවසා ඇත.

Alphabet හි ශ්‍රම බලකායෙන් 6%කට මෙම කප්පාදුව බලපානු ඇත.

මීට දින කිහිපයකට පෙර මයික්‍රොසොෆ්ට් සමාගම ද පවසා තිබුණේ සිය සේවක මණ්ඩලයේ 10,000කට රැකියා අහිමි වනු ඇති බවත්ය. සති කිහිපයකට පෙර ඇමසන් සමාගමද රැකියා 18,000ක් කප්පාදු කරන බවට නිවේදනය කර තිබුණි.

ව්‍යාපාර

මෙරට පළමු අහස් පාලම සහිත හෝටලය විවෘත කෙරේ (ඡායා)

Published

on

By

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කරන ලදී.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ය. 

එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.

මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වන අතර, එහි හෝටල් කාමර 350ක් පවතී.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව ලෙස සැලකේ.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බවයි.
කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය :

ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ  අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා.

මේ වන විට කොළඹ සංචාරක නගරයක් බවට පත් වී තිබෙනවා. තරු පංතියේ හෝටල්  නිසා සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි.  කඩා වැටුණ ආර්ථිකය ගොඩනැංවීමටද  එය මහත් රුකුලක් වනු ඇතියි. සංචාරක ව්‍යාපාරය මගින් ලංකාවේ ආර්ථිකය කඩිනමින් ගොඩගත හැකියි . ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමට අප සූදානම්. ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි.එවිට ජනතාවගේ ජීවන ත්ත්වයද උසස් කළ හැකියි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප  සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

ආනයනික කිරිපිටි මිල අඩුවෙයි

Published

on

By

හෙට (25) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 250ත් – 300ත් අතර මිලකින්ද, කිරිපිටි ග්‍රෑම් 400ක මිල රු. 100ත් – 130ත් අතර මිලකින්ද  පහළ දැමෙනු ඇති බවයි.

Continue Reading

පුවත්

මහ බැංකුවෙන් මහ ජනතාවට දැනුම් දීමක්

Published

on

By

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීමට දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජනතාව වෙත නිවේදනයක් නිකුත් කර සිටී.

එම නිවේදනය පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved