Connect with us

කලා

ටීනා ටර්නර් දිවියෙන් සමුගනියි

Published

on

බටහිර සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම තරුවක් වන ටීනා ටර්නර් සිය ජීවන ගමන නිමා කොට තිබේ.

මිය යන විට 83 වියේ පසුවූ ඇය, කාලයක් පුරාවට රෝගීව සිටි අතර, ඇය සිය නිවසේ දී අවසන් හුස්ම හෙළූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සංගීත වේදිකාව මතට ඇය ගෙන එනු ලැබූ ජවය හා ඇයටම ආවේනික වූ ප්‍රබල හඬ හේතුවෙන් ටීනා, සුවහසක් සංගීත ලෝලීන් අතර ජනාදරයට පත් විය.

හැටේ දශකයේදී ඇය ගණන්වලදී සිය සැමියා සමග Proud Mary and River Deep හා Mountain High වැනි ගීත හරහා ජනප්‍රිය වූ ඇය, තමාව අපයෝජනයට ලක් කළ සිය සැමියාව 1978 දී දික්කසාද කළ අතර, අසූවැනි දශකයේදී තනි කලාකරුවෙකු ලෙස වඩාත් සාර්ථක වූවාය.

සිය සංගීත දිවිය තුළදී ග්‍රැමී සම්මාන 12ක් දිනා ගැනීමට සමත් වූ ඇය, සංගීත ලොවේ ‘රොක් ඇන් රෝල් රැජින’ ලෙස හැඳින්වේ.

කලා

ටික්ටොක් ඇමෙරිකාවේ තහනම් වන ලකුණු

Published

on

By

ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනම් කිරීමට ඉඩකඩ සැලසෙන පනත් කෙටුම්පතකට එරට සෙනෙට් මණ්ඩලයේ බහුතර අනුමැතිය හිමිව තිබේ.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18ක් පමණි.

මේ අනුව, ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට තමා සතු කොටස් විකිණීමට මාස 09ක් හිමිවනු ඇති අතර, එම කාලය තුළදී කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් වනු ඇත.

මෙම පනත් කෙටුම්පත නීතිගත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු මීට පෙර පවසා තිබුණේ එය තමාට එය ලැබුණු විගසම අත්සන් තබා නීතිගත කරන බවයි.

කෙසේවෙතත්, ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය යුතු වන අතර, චීනය පවසා ඇත්තේ මෙයට විරුද්ධ වන බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්ලේෂකයන් පවසන්නේ මීට අදාල සමස්ථ ක්‍රියාවලියට වසර කිහිපයක්ම ගතවිය හැකි බවයි. 

Continue Reading

කලා

Ambiguous – බිත්තියක් ඕනෑකර තිබේ

Published

on

By

කොළඹ චින්තන මණ්ඩලය හා එක්ව රාජිත රූපසිංහ විසින් ඉදිරිපත් කරනු ලබන “Ambiguous: A Painfully Honest Depiction of the Story of Our Lives”  ප්‍රදර්ශනය 2024 අප්‍රේල් මස 28 වන දින සවස 3.00 සිට 5.00 දක්වා කොළඹ 7 ජාතික කලාභවන ඉදිරිපිට දී පැවැත්වේ.

කලා කෘතිවල අවකාශීය කාරණය, අවකාශය මිලට ගැනීමේ හැකියාව සහ කලා කෘති පිටුපස ඇති නොකියූ පසුබිම් කථා සහ ධාවකයන් පිළිබඳව  අලුත් කියවීමකට ගෙන යෑම ප්‍රදර්ශනයේ අරමුණයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාඥයකු ලෙස පුහුණුව ලබා ඇති රාජිත ‍රූපසිංහ  ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරියෙකි. ඔහුගේ මෙම පශ්චාත් නූතන අවකාශීය නිමැවුම් ප්‍රදර්ශනය ඔස්සේ නව කලාත්මක කතිකාවතකට මඟ පාදනු ඇත.

Continue Reading

කලා

නෙළුම් පොකුණම ආදරයේ පාට ගල්වන නවාගේ ගී මේ සතිඅන්තයේ

Published

on

By

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ මහතා ගේ තෙවැනි සංගීත ප්‍රසංගය වන ‘නවාගේ ගී Colours of Love’ සංගීත ප්‍රසංගය මේ සතිඅන්තයේදී කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. 

කොළඹ නාලන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන මෙම ප්‍රසංගය අප්‍රේල් 20 හා 21 යන දෙදිනම පැවැත්වේ.

30 වසරක පුරාවට ගමගේ මහතාගේ වෘත්තිය ගමනේදී නිර්මාණය වූ තනු, ගායික ගායිකාවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වර්ණවත් සන්ධ්‍යාව පැවැත්වීමට නියමිතය.

ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගැනීමට : සුමුදු 071 798 9189  / කසුන් 071 968 765

මාර්ගගතව ටිකට් පත් වෙන් කරවා ගැනීමට :

අප්‍රේල් 20:

අප්‍රේල් 21:

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved