බලන්ගොඩ කස්සප හිමියන් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට මරණිය තර්ජන එල්ලවී ඇතැයි පවසමින් සමාජ ක්‍රියාකාරියකු වන කන්දසාමි අන්නමලේ නොහොත් සුජිත් ප්‍රියන්ත හා සුජිත් අන්නමලේ යන නම්වලින්ද පෙනී සිටින අය විසින් පොලිස්පතිවරයා වෙත ඊයේ (31) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පෞද්ගලික ආරක්ෂාව තර්ජනයට ලක්වීම සම්බන්ධයෙන් වූ එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
”බලන්ගොඩ කස්සප ස්වාමින් වහන්සේ විසින් අද දින (31/05/2023) පවත්වන ලද මාධ්‍ය හමුවකදී පැවසු “ඉතින් ඒ වගේම තමයි, දැන් අරගලේ ඇතුලේ ඉඳන් කවුද මේකට උදව් කලේ සුජිත් අන්නමලේ… සුජිත් අන්නමලේ තමයි උදව් කරන්නේ කොතන ඉඳන්ද… ගෝල්ෆේස් එකේ කුස්සිය ළඟ ඒ වගේම තමයි තිබුන අර පුස්තකාලයේ මැද ඉඳගෙන සුජිත් අන්නමෙලේ ලස්සනට උදව් කරනවා… ඒ නිසා අපි කියනවා මේක පිටිපස්සේ හඹාගෙන හඹාගෙන ගියාම හොඳ හොඳ දේවල් එළිවෙන යාමෙට බේරගන්න පුළුවන් හොයාගන්න පුළුවන්.. ඒ නිසා කරුණාකරලා CID එකේ මහත්තුරුන් හැකි ඉක්මනින් මොවුන් අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනුකරලා අධිකරණයට වාර්තා කරන්න මෙන්න මේ වගේ පුද්ගලයෝ. එහෙම නොවුනොත් පන්සල් දහදාහක් තියෙනව ලංකාවේ අපි හැම පන්සලක්ම.. මම මෙහෙම ඉස්සරහට එන්නේ මගේ පිටිපස්සෙන් සැහෙන්න භික්ෂුන වහන්සේලා ප්‍රමාණයක් ඉන්නවා… අරණ්‍ය වාසි ග්රාමවාසි බෞද්ධ ජනතාව ඉන්නවා ඒ නිසා අපි කියනවා අපි හැමෝම එක්ක මහපාරට එනවා මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නෑ කියන ප්‍රකාශය අපි ඉතා තදින් මේ වෙලාවේ කියනවා.“ ප්‍රකාශය හේතුවෙන් කන්දසාමි අන්නමලේ සුජිත් ප්‍රියන්ත වන මාගේ සහ පවුලේ අයගේ ජිවිතයට දේපොළවලට තර්ජනයක් විය හැකි බැවින් ඒ පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් නිසි විමර්ශනයක් කර මාගේ සහ මාගේ පවුලේ අයගේ ජිවිතවලත් දේපොළවලත් ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අන්නමලේ පොලිස්පතිට කළ පැමිණිල්ල පහතින්,
සබැදි පුවත්
ලකාගේ පවුල CIDයට (වීඩියෝ)
බෲනෝ අත්අඩංගුවට ගනියි!
SLVLOG කියන්නේ දේශපාලන ප්‍රොජෙක්ට් එකක් – හිමිකරු පිළිගනියි (වීඩියෝ)
මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්
මංජු නිශ්ශංකගේ මාමණ්ඩි “මොරිස්” LTTE ඩෑස්පෝරාවේ අයෙක්
නටාෂා ගුවන් තොටේදී අත්අඩංගුවට
කුණු හරුප ප්‍රචාරණයට සාදර අනුග්‍රහය මන්චී හා සිංගර් (වීඩියෝ)