අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය online ණය ලබාදෙන මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 6 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇත.
අදාළ ආයතනය සතුව තිබූ පරිගණක අටක්, ලැප්ටොප් වර්ගයේ පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මාධ්‍ය වෙත නිරාවරණය කළේය.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ.
මෙහිදී මාර්ගගත ක්‍රමයට ණය ලබා දීමේ දී, ණය ලබා ගන්නා පුද්ගලයාගේ ජංගම දුරකථනයෙහි ඇති පෞද්ගලික තොරතුරු OPT අංකයක් මඟින් ලබාගෙන සමාජයේ වෙනත් අයට ඇතැම් තොරතුරු පතුරුවන බවට තර්ජනය කරමින් අදාළ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පරිගණක අපරාධ දර්ශන කොට්ඨාසය මඟින් පවත්වනු ලබන අතර මේ සම්බන්ධව පැමිණිලි තිබේ නම් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසයට ලබා දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
“විශ්වාසවන්ත නොවන ආයතන සමග මෙවැනි ගනුදෙනුවලට යොමුවන්න එපා…” යනුවෙන් ද පොලීසිය පවසයි.
අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ, Star Vip Loan, Camel Ship Loan සහ Roser Loan යන ආයතනවලට අමතරව තවත් මෙවැනි වංචනික ලෙස ජනතාව රවටා ණය ලබාදෙන බව පවසා මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යනු ලබන ආයතන කිහිපයක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බවය.
රු 5,000 සිට රු ලක්ෂ 2 දක්වා වූ පරාසය තුළ මොවුන් ණය ලබාදෙන බව ද පැවසු ඇය, ණය ගෙවීම අපහසු වූ විට ණය ලබාගත් පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු සමාජයට මුදාහරින බව පවසමින් තර්ජනය කර ඇති බව ද කියා සිටියාය.
සබැඳි පුවත්
ඔන්ලයින් ණය දෙනතැන් 40ක්; වාර්ෂික පොලිය 360%යි: මහ බැංකුව නිහඬයි
ලංකාවෙන් ඔන්ලයින් ණය ගත්ත පවුලක්ම සියදිවි නසාගෙන