දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කිරීම සම්බන්ධයෙන් එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොංග්‍රස් පක්ෂයට චෝදනා එල්ල කර තිබේ.
ඒ, ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති විවාදයකදීය.
වසර 1974දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බවද ඔහු මෙහිදී පැවසීය.
දේශපාලනය සඳහා ඉන්දියාව කොටස් තුනකට බෙදූ බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂය කච්චතිව් දූපත ඉන්දියාවට ආපසු පවරා ගන්නා ලෙස ඉල්ලා දිගින් දිගටම තමාට ලිපි යොමු කරමින් සිටින බව සඳහන් කළේය.
ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිතා කර තිබුණු බවත්, 1974 දී එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් ”ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම” යටතේ කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බවට පිළිගත් බවත් ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.