පසුගිය 21 දා රත්මලාන ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (06) දහවල් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 21දින නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ වෙළෙඳසැලක හිමිකරුට වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ඝාතනයට පැමිණි යතුරුපැදියේ දුම් සහතිකය මෙන්ම එන්ජින් අංකය සහ චැසි අංකය වෙනස් කිරීමට යොදා ගත් උපකරණ කිහිපයද සොයාගෙන ඇත.
සකකරු අද (07) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සබැඳි පුවත් :
රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට