Connect with us

පුවත්

ඉන්දියාව ලාංකිකයන්ට ඊ වීසා ලබාදීමට තීන්දු කරයි!

Published

on

ඉන්දියාව ශ්‍රී ලාංකිකයන් සඳහා ඊ වීසා ලබාදීමට නිර්දේශ කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පනිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව විවේකය ගතකිරීම, ව්‍යාපාර, සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලංකන් සඳහා ඊ-වීසා ලබාදීම සිදු කිරීමට නියමිතය.

indianvisaonline.gov.in/evisa/tvoa.html වෙත පිවිසීමෙන් ඔන්ලයින් වීසා අයැදුම් කිරීමට හැකියාව තිබේ.

පුවත්

“ආදරේ” අත්අඩංගුවට ගනී

Published

on

By

පසුගිය මැයි 08 වැනිදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තැබීමට වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ‘ආදරේ’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයෙකි.

කොස්ගොඩ පොලිස් වසමේ දූවමෝදර හන්දියේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,150ක් ද සොයාගෙන ඇත.

අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 08 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙක්ට වෙඩි තබා පළාගොස් තිබුණි.

එහිදී කීර්තිසේන ආබෘෘ නැමැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔහු මේ වනවිට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදීශ ආබෘෘ හෙවත් ‘අහුංගල්ලේ බබා’ නමැත්තාගේ පියා බවට අනාවරණය වී තිබේ.

මෙම වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ස්කූටර් වර්ගයේ යතුරුපැදිය කොස්ගොඩ ප්‍රදේශයේ ඉඩමක ගිනි තබා විනාශකර තිබිය දී පොලිසිය විසින් පසුව සොයා ගන්නා ලදී.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

ඩොනල්ඩ් ලූ ජාතික ජන බලවේගය හමුවෙයි

Published

on

By

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චං මහත්මියද සහභාගි වූවාය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අය සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සහ ඉන්දියන් සාගර කලාපයේ ආරාක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුව රැස්වේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14)  පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ

අද (14) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා පලස්තීන අර්බුදය පිළිබඳ කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved