පුවත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ් (Update)

Published

on

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතා ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අද (05) අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


(පෙර පුවත 2024 ජනවාරි 05, ප.ව.3:34)

ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට තවත් නිලධාරියෙක් අත්අඩංගුව‌‌ට 

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් නිලධාරියෙකු අද (05) අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර මහතාව සෞඛ්‍ය අමාත්‍යංශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඔහුව අද පස්වරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත් :

ඉමියුනොග්ලොබියුලින් මිලදී ගන්න කලින් හිටපු ඇමති හා ලේකම් සාකච්ඡා කරලා

ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට වෛද්‍ය සැපයුම් අංශයේ 4ක් අත්අඩංගුවට

කෙහෙළිය කිව්ව නිසා බෙහෙත් හැදුවා; ඇත්ත කියන්න හදද්දි CIDය කට වැහුවා

කෙහෙළිය ළඟ තිබූ ලේඛන CID භාරයට (Update)

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට

ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වූ අරුණ රිමාන්ඩ් (Update)

Trending

Exit mobile version