Connect with us

පුවත්

උතුරු දුම්රිය මාර්ගය නවීකරණයට ඉන්දියාවෙන් කෝටි 450ක ණයක්

Published

on

කොළඹ – කන්කසන්තුරය අතර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය නවීකරණය කිරීම සඳහා රු. කෝටි 450ක මුදලක් (ඩොලර් මිලියන 15) ක් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ අනුමත වී ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති –  බන්දුල ගුණවර්ධන මහතා මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ‌මෙම මුදල අනුමත කර ඇතැයි ‘දිනමිණ’ වාර්තා කරයි.

දැනට මෙම දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට මහව දක්වා ඉදි කිරීම් කටයුතු සිදු කරගෙන යන බවත් එම කටයුතු මාස දෙකක් තුළ නිම කිරීමට බලාපොරොත්තු වන බවත් පවසන අමාත්‍යවරයා, නවීකරණ කටයුතු අවසන් වූ පසු කන්කසන්තුරයේ සිට කොළඹට පැමිණීමට ගත වන කාලය පැය 1 1/2කින් පමණ අඩුවනු ඇති බවද පවසා ඇත.

(දිනමිණ)

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

අද දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 සිට 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පස්වරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය, රේගු ආඥාපනත යටතේ යෝජනා සම්මතය, ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට සහ සීමාසහිත ජය බහලුම් පර්යන්තයේ වාර්ෂික වාර්තාව විවාදයකින් තොරව අනුමත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පවසන ලදී.

Continue Reading

ක්‍රීඩා

කාලිංග කුමාරගෙන් රන් පදක්කමක්

Published

on

By

11 වැනි කිනාමි මිචිටාකා අනුස්මරණ මළල ක්‍රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ, පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඊයේ (12) සමත් විය.

කාලිංගට තරගය අවසන් කිරීමට ගත වුයේ තත්පර 45.92ක කාලයකි.

මේ අතර කාන්තා මීටර 400 ඉසව්වට සහභාගී වු නදීෂා රාමනායක එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.

ඇයට එම ඉසව්ව නිම කිරීමට ගත වු කාලය තත්පර 54.02කි.

කාන්තා මීටර 800 ධාවන ඉසව්වට සහභාගීවීමට සිටි තරුෂි කරුණාරත්න අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය එම තරගයට සහභාගී නොවීය.

Continue Reading

පුවත්

සරසවි ඇදුරන් අදත් වැඩ වර්ජනයේ

Published

on

By

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කල වැඩ වර්ජනය අද (13) දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

එම සංගමයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පවසා ඇත්තේ අද සියලු විශ්වවිද්‍යාල ඉදිරිපිට දහවල් කාලයේදී උද්‍ඝෝෂණ පැවැත්වෙන බවය.

 මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ වැඩවර්ජනයේ නිරත අනධ්‍යන සේවක වෘත්තිය සමිති ඊයේ (12) සාකච්ඡා කර ඇත.

තවද ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසු පරිදි සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරන කිසිදු ව්‍යාපෘතියකට තම සංගමය සහය ලබා නොදෙන බවය.

(මුලාශ්‍රය -නිවුස් ෆස්ට්)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved