Connect with us

පුවත්

කැස්බෑවුන් මියයන්නේ පිපිරීමකින්; සිරුරු 25ක් සොයා ගැනේ 

Published

on

බටහිර වෙරළ තීරයට පසුගිය දිනවල ගොඩ ගැසූ කැස්බෑවුන් මියයාමට හේතුව මුහුදේ සිදූ වූ පිපිරීමකින් බවට තොරතුරු අනාවරණ වෙමින් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කැස්බෑ මළ සිරුරු සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී එම තොරතුරු අනාවරණ වූ බවයි.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ද ඉදිරිපත් කර ඇත.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තහනම් කරන ලද ධීවර පන්න ක්‍රම සඳහා පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීම නිසා සාගර අභ්‍යන්තරයේ එම පිපිරීම් හටගන්නට ඇති බවයි.

එහිදී පසුගිය 22 වැනි දා සිට මේ දක්වා බටහිර වෙරළ තීරයට ගොඩ ගැසු මියගිය කැස්බෑවුන් සංඛ්‍යාව 25 කි.

තවත් කැස්බෑවුන් තිදෙනෙකුගේ පිටත ආවරණයට දැඩි හානි සිදුව ඇති අතර එම සත්ත්වයින්ට ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

සබැදි පුවත්
මළ කැස්බෑවෝ වෙරළට ගොඩ ගසන්නේ ඇයි?

පුවත්

පිරමිඩ ජාවාරම් කළ තවත් ආයතන 4ක් මහ බැංකුව තහනම් කරයි

Published

on

By

නීතිවිරෝධී අන්දමින් මහා පරිමාණ පිරමීඩ ජාවාරම් සිදුකරමින් ජනතාවගේ රුපියල් කෝටි ගණනක තැන්පතු ලබාගත් ආයතන 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (2 වැනිදා) දැනුම් දුන්නේය.

එලෙස තහනම් කරන ලද ආයතන හරහා පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, කළමනාකරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.

Beecoin App/ Sunbird Foundation, Fast win (Pvt) Ltd, Fruugo online App/ Fruugo online (Pvt) Ltd, Genesis Business School/ Era Miracle (Pvt) Ltd යන ආයතන 4 සම්බන්ධ‍යන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

නීතිවිරෝධී පිරමීඩ ජාවාරම්වල නිරත වූ ආයතන රැසක් මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කර තිබේ.

Continue Reading

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

පුවත්

“කටුනායක සිද්ධියට අදාල සමාගම ඉන්දීය එකක් නෙමෙයි”

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු…මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ,” යැයි එම නිවේදනයෙන් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved