Connect with us

පුවත්

නිකිණි ‌පුර පසළොස්වක පොහොය අදයි

Published

on

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇතුළු මෙරට ශාසනික සේවාවන් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී ඇත. 

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වී ඇත්තේ ද බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ද අද වැනි නිකිණි පොහොය දිනකය.

ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කෙරෙති.

බෞද්ධයාගේ සිත පුබුදු කර වූ ශ්‍රී මහා බෝධින් වහන්සේ වසර එකසිය පනහකට පෙර වන අලින්ගෙන් රැක ගැනීමට දිවි හිමියෙන් සටන් කළ රජරට වැසියන් ගිනි මැල ගසා ගැනීමට අවශ්‍ය දරමිටි පෙරහරකින් රැගෙන ගියේ ද නිකිණිපුර පසළොස්වක පොහොය දිනකදීය. 

මේ නිසා ‘දරමිටි පොහොය’ නමින් හඳුන්වන පොහොය වන්නේ ද නිකිණි මහේ පුර පසළොස්වකයි.

එමෙන්ම මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම සිදු කෙරෙන්නේ ද නිකිණි පොහොය මුල්කර ගනිමිනි.

පුවත්

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරට විද්වතෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 79 වියේ පසු විය.

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වූ අතර විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබුණි.

ඊට අමතරව ඔහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද විය.

මීට අමතරව, ද සිල්වා මහතා මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.

Continue Reading

පුවත්

“කටුනායක සිද්ධියට අදාල සමාගම ඉන්දීය එකක් නෙමෙයි”

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට වන මාධ්‍ය විමසීම් සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

“කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වීසා නිකුත්කිරීමේ කටයුතු ඉන්දියානු සමාගම් භාරයට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යයන් තුළ පළවන වාර්තා සහ අදහස් අපි දුටුවෙමු…මෙම වාර්තාවලින් දැක්වෙන සමාගම් ඉන්දියාවේ පිහිටා ඇති සමාගම් හෝ ඉන්දීය සමාගම් නොවන අතර ඒවායේ මූලස්ථාන වෙනත් ස්ථානයන්හි පිහිටා ඇත. මෙම සන්දර්භය තුළ ඉන්දියාව පිළිබඳ සඳහන් කිරීම පදනම් විරහිත වේ,” යැයි එම නිවේදනයෙන් දැක්වේ.

Continue Reading

පුවත්

වරායෙන් වාර්තාවක්

Published

on

By

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වසරේ පළමු කාර්තුවේදී වාර්තාගත බහාලූ මෙහෙයුම් ධාරිතාවක් ලබාගෙන ඇතැයි එම අධිකාරිය පවසයි

පසුගිය වසරේ පළමු කාර්තුවේදී  බහාලු  මෙහෙයුම් ප්‍රමාණය441,032 කි. මෙම වසරේ ප්‍රමාණය 652766කි. එහි වර්ධනය ප්‍රතිශතයක් ලෙස  සියයට 48කි.

මෙම වසරේ පළමු මාස තුන තුළදී ප්‍රතිනැව්ගත කළ බහාලු ප්‍රමාණය 582403ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලසීමාවට අනුව සාපේක්ෂව සියයට 49.81,ක් බව එම අධිකාරියේ සන්නිවේදන හා ජන සම්බන්ධා කොට්ඨාසයේ ප්‍රධාන කළමනාකරු චිත්‍රාල් ජය වර්ණ මහතා පැවසීය.

(ලංකාදීප )

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved