Connect with us

පුවත්

ගුරු පුරප්පාඩු 40,000 ක්

Published

on

මේ වන විට දිවයින පුරා පාසල්වල ගුරුවරුන් 40,000ක පමණ හිඟයක් ඇතැයි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

බස්නාහිර පළාතේ  7000ක් පමණ පිරිසක්ද, උතුරුමැද පළාතේ 3800ක්ද, නැගෙනහිර පළාතේ 3698ක්ද, දකුණු පළාතේ 3199ක් සහ මධ්‍යම පළාතේ 6200ක පමණ ගුරු හිඟයක් පවතින බව පැවසේ.

බස්නාහිර පළාත සඳහා අවස්ථා දෙකකදී පත්වීම් ලබා දීමේ උත්සව පවත්වා බඳවාගත් 2200ක පමණ පිරිසක් තවමත් විධිමත් ලෙස ස්ථානගත කර නොමැති අතර, මෙම තත්ත්වය යටතේ ඉදිරි පාසල් වාරය ආරම්භ වන විට සිසුන්ට විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් නොමැති වන අතර, රජයේ වියදම් අවම කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බැවින් නිසි පරිදි ගුරුවරුන්ට පත්වීම් ලබා දීම කල් දමමින් සිටින බවද ඔහු සඳහන් කළේය. 

අලුතින් ගුරුවරුන් බඳවා ගන්නවා තබා 2024 වසර සඳහා ජාතික පාසල්වලට ස්ථානමාරු අයැදුම්පත්‍ර ලබා දීමට හෝ මෙතෙක් පියවර ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

මූලාශ්‍රය – දේශය

පුවත්

මුජිබුර් දිවුරුම් දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් අද (10) දිනයේදී කතානයක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු පත්වූ අතර, ඊට අදාල ගැසට් නිවේදනයද ඊයේ සවස පළකෙරුණි.

කෙසේවෙතත් ඩයනා ගමගේගෙන් පුරප්පාඩු වී ඇති මන්ත්‍රී අසුන සඳහා සුදුසු කාන්තාවක් පත් කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ විසින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියක් ද යොමුකර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading

පුවත්

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කරන්න යයි

Published

on

By

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති නොපැවතුන බවත්, ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බවත් ඔහු පැවසීය.

එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

SLCERT ආයතනය සමඟ එක්ව රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර ඇති බවත්, ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර තිබෙන බවත් හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Continue Reading

පුවත්

වට්ස්ඇප් මගින් සා/ පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සංසරණය වීම ගැන විමර්ශනයක්

Published

on

By

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය වට්ස්ඇප් ඔස්සේ සංසරණය කර ඇති බවත්, විභාග අපේක්ෂකයින් වංචා සහගතව පිළිතුරු ලිවීම සඳහා මෙසේ සිදුකර ඇති බවත්ය.

කෙසේ වෙතත් ඉන් ඉංග්‍රීසි භාෂාව විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැති බවත් විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved