Connect with us

පුවත්

චීනයේ ඩීසල් පරිත්‍යාගය හෙට කොළඹට

Published

on

චීනයෙන් මෙරට ගොවීන්ට හා ධීවරයන් හට ලබාදීම සඳහා පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර මිලියන 10.6ක් රැගත් ‘සුපර් ඊස්ටන්’ තෙල් නෞකාව සිංගප්පූරුවේ සිට පිටත් වී ඇතැයි වාර්තා වේ.

එම නෞකාව හෙට (26) කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

සබැඳි පුවත් :
චීනයෙන්, මෙරට ධීවරයන් හා ගොවීන් වෙත ඩීසල් ලීටර් මිලියන 10.6ක පරිත්‍යාගයක්

ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා නිල අනුග්‍රාහකත්වය “Amul”ට

Published

on

By

ICC පිරිමි T20   ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය මේ වනවිට ඉන්දියානු සමාගමක් විසින් බාරගෙන තිබේ.

ඒ ජාත්‍යන්තර මට්ටමේ කිරි නිෂ්පාදන සමාගමක් වන Amul සමාගමයි.

ඒ අනුව මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස Amul සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය දක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූවේ,

“Amul ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්, ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමඟ සම්බන්ධ වීම ස්ථිර වශයෙන්ම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතර එහි සන්නාම දෘශ්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත,”
යනුවෙනි.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟ  2024 ජුනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

අනුර සජිත්ට අවසන් නිවේදනය යවයි

Published

on

By

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මීට පෙර අදාල විවාදය සඳහා මේ මාසයේ 7,9,13 හෝ 14 යන දිනයන් ලබාදුන් බව පැවසූ දිසානායක මහතා ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිසා අවසාන වශයෙන් විසි වැනිදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතරින් එම අදාල දිනයට තමාට මොන වැඩය තිබුණද අනිවාර්යෙන්ම සහභාගි වන බව කීය.

එම නිසා මෙය විපක්ෂ නායකවරයාට කරන අවසාන දැනුම් දීම බව පැවසූ ජාතික ජන බල වේගයේ නායකයා එම දිනයේ  හෝ ඊට පෙරඔහු නොපැමිණෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව හා  විවාදයට සූදානම් යැයි  පැවසීය.

( ලංකාදීප )

Continue Reading

පුවත්

මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්

Published

on

By

ශ්‍රී ලංකා මහ බැංකුව  පසුගිය වර්ෂයේදී කෝටි සීයකට  වැඩි පාඩුවක් ලබා ඇතැයි  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) අනාවරණය කළේය.

සිය වැටුප්  70%කින් වැඩි කර ගත්තේ මෙවැනි තත්වයක් තිබියදී බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා  මෙලෙස  කටයුතු කිරීම හරිදැයි ප්‍රශ්න කළේය.

කිරිඇල්ල මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇතිවූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමේ කතාව තවමත් නිවැරදිවී නැති බවයි.

ශ්‍රී ලංකා රජයෙන් විතැන් වී ඇති ආයතනයක් ලෙස සලකා මහ බැංකුව කටයුතු කරන්නේ නම් ඒ සිතුවිල්ල වහාම ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

මේක පඩි වැඩි කරගැනීමට වැඩි බරපතළ ප්‍රශ්නයක් බව ඔහු කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved