Connect with us

පුවත්

චීන ආර්ථිකය ප්‍රකෘතිමත් හා වර්ධිතයි – ජාඕ චන්ෂින්

Published

on

මේ වසරේ මේ දක්වා චීනයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ප්‍රකෘතිමත් වීමේ සහ වර්ධනයේ ප්‍රවණතාවක් පළ කර ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජාඕ චන්ෂින් (Zhao Chenxin) මහතා කියා සිටියේය.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයට සමගාමීව බීජිං හි නිව් සෙන්වුවරි නිකෝ හෝටලයේ ස්ථාපිත කර ඇති මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ඇතැම් මාසවල උච්චාවචනයන් නොතකා බැලීමේදී මේ බව පෙනී යන්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් එය පැහැඳිළි කළේය.

“මේ වසරේ ආරම්භයේ සිට, මාසික උච්චාවචනයන් කිහිපයක් තිබුණද, චීනය විසින් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ සහ වර්ධනයේ වේගය පවත්වා ගෙන ගියා. නමුත් කොවිඩ් -19 ප්‍රතිචාරයට ආර්ථික හා සමාජීය සංවර්ධනය සම්බන්ධීකරණය කිරීමේදී සහ ප්‍රතිපත්ති පැකේජය ක්‍රියාත්මක කිරීම, ආර්ථිකය ස්ථාවර කිරීම සහ පසු විපරම් ප්‍රතිපත්ති හඳුන්වාදීමත් සමඟ නිෂ්පාදන, සේවා, ආයෝජන සහ පරිභෝජනය ඇතුළු ප්‍රධාන ආර්ථික දර්ශක අඛණ්ඩව යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. සමස්තයක් ලෙස චීන ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ වේගයක් පවත්වා ගෙන යනවා. අප දන්නා පරිදි, තුන්වන කාර්තුවේදී ආර්ථිකය පැහැදිලිවම වර්ධනය වෙලා තියෙන්නේ”

“ගෝලීය වශයෙන්, චීන ආර්ථිකය දිගින්දිගටම විශිෂ්ඨව පවතිනවා. චීනයේ CPI අගය සාමාන්‍යයෙන් ඉහළ ගොස් තිබෙන අතර, පාරිභෝගික මිල ගණන් වලින් ඔබට පෙන්නුම් වෙනවා. නමුත්, මෙය ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල ඇතිවී තිබෙන දැඩි උද්ධමන තත්ත්වයන් හා සැසඳීමේදී හාත්පසින්ම වෙනස්… චීනයේරැකියා වෙළඳපොළ ස්ථාවරයි. චීනයේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය මූලික සමතුලිතතාවයක් භුක්ති විඳිනවා. අප විදේශ විනිමය සංචිත ඩොලර් ට්‍රිලියන තුනකට වඩා ඉහළ මට්ටමකයි තියෙන්නේ. මේ සියලුම ආර්ථික දර්ශක එකට ගත් විට, චීනය තවමත් හොඳ ආර්ථික ක්‍රියාකාරිත්වයක් භුක්ති විඳින බව පේනවා.”

එහිදී වැඩිදුරටත් Zhao Chenxin මහතා කියා සිටියේ, 18 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු, සිය පක්ෂය විසින් දිගු කලක් නොවිසඳී තිබූ ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා ඇති බවයි.

වචනවලට වඩා සංඛ්‍යා සද්දයි!

වචනවලට වඩා වැඩි ශබ්දයක් සංඛ්‍යා වලට ඇති බව පැවසූ හෙතෙම, (Numbers speak louder than words.) 2012 සිට 2021 දක්වා, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 53.9 සිට 114.4 දක්වා (එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 7.5 සිට 15.9 දක්වා) දක්වා වර්ධනය වී ඇතැයි ද පැවසීය.

ලෝක ආර්ථිකයේ සියයට 18.5 ක් වන චීනයේ ඒකපුද්ගල ප්‍රතිශතය 11.3 හි සිට සියයට 7.2 ක් වැඩි වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

තවද, දළ දේශීය නිෂ්පාදිතය යුවාන් 39,800 සිට 81,000 දක්වා (එක්සත් ජනපද ඩොලර් 5,500 සිට 11,200 දක්වා) මේ කාල පරාසයේ වැඩිව ඇතැයි ද ඔහු කීය.

බලවත් චීනයක් ගොඩනැගීම කඩිනම් කළ යුතුයි – ෂී ජින්පිං

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වන ජාතික කොංග්‍රසය ආරම්භ කරමින් එහි මහ ලේකම් හා චීන ජනපති ෂී ජින්පිං මහතා ඊයේ (16) කියා සිටියේ චීනය රටවල් 140කට වැඩි ප්‍රමාණයක ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත්ව ඇති බවත්, නවීකරණ කර්මාන්ත පද්ධතියක් ගොඩනගමින්, සැබෑ ආර්ථිකයට ප්‍රමුඛ අවධානය යොමුකර නවීන කාර්මිකකරණය ප්‍රවර්ධනය කළ යුතු බවයි.

එසේම, නිෂ්පාදන රටක්, ඉහළ ගුණාත්මක රටක්, බලවත් අභ්‍යවකාශ රටක්, බලවත් ප්‍රවාහන රටක්, බලවත් අන්තර්ජාල රටක් සහ බලවත් ඩිජිටල් රටක් ලෙස චීනය ගොඩනැගීම කඩිනම් කළ යුතු බවද හෙතෙම කීය.

කැළුම් ශිවන්ත චීනයේ බීජිංහි සිට…

පුවත්

බැසිල්ගේ ඉල්ලීමට රනිල්ගේ ප්‍රතිචාරය

Published

on

By

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙස කළ ඉල්ලීමට ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රතිචාරයක් නොදැක්වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර පෙරේදා (15) සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

රටේ සංවර්ධන ක්‍රියාදාමය සම්බන්ධයෙන්ද සිය පක්ෂයේ ස්ථාවරයද ජනාධිපතිවරයාට එහිදී දැනුම්දුන් බව එම පොදුජන පෙරමුණ පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා වට හතක් මේ වනවිට පවත්වා ඇත

Continue Reading

පුවත්

රණවිරු දින සැමරුම් උත්සවයට පාරවල් වැසේ

Published

on

By

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන ඉරිදා (19)  විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

ඒ අනුව එදින සවස 3.00 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

Continue Reading

පුවත්

“සිදු නොවිය යුතු දෙයක් වුණා” – ප්‍රසන්න රණවීර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

අද (17 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කලෙය.

සිදුවීමෙන් පසුව, එම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණයක් මතුව ඇත.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා ප්‍රකාශ ක්ලේ, “ඒ මනුස්සයා පව්නෙ , ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ , ඇවිත් වැඩ කරන්න එපායැ , නැතිනම් ජීවත් වෙන්න විදියක් නැහැනෙ ”  ලෙසය.

කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද(17) උදෑසන අමාත්‍යවරයා වෙත කැඳවීමක් සිදු කර තිබූ අතර ඒ සඳහා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණි අමාත්‍යවරයා  පැයකට ආසන්න කාලයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණ තිබුණි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved