Connect with us

පුවත්

දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

Published

on

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය.

මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.

(ලංකාදීප)

පුවත්

ඇමරිකානු නැවකට ලංකාවෙන් තහනමක්

Published

on

By

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට  ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

මෙම  පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ තිබේ.

නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.

මීට පෙර ද  චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ද  ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත ගැටුම අද

Published

on

By

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (27) තරඟය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතය.

අබුඩාබිහිදී පැවැත්වෙන මෙහි  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, කත්‍රයන් බර්සි විසිනි.

ඇ කාණ්ඩය නියෝජනය කරන ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි දෙවන ස්ථානයේ පසුවේ.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තායිලන්තයට එරෙහිව තරග වැදුන අතර එම තරගය ලකුණු 67කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

Continue Reading

පුවත්

අනුර අද ස්වීඩනයේ ජනහමුවක

Published

on

By

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබේ. 

ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද (27)  පස්වරු 6.00ට පමණ ජන හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

ජාතික ජනබලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කරනු  ලබයි.

ජනහමු හා සුහද හමු කිහිපයක් සඳහා සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගිය අතර ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ එරට ලාංකේයන්ගෙන් ඉහළ පිළිගැනීමක් විය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved