Connect with us

පුවත්

මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධි සිරගෙදරට

Published

on

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23) නියම කර තිබේ.

කෙසේ වෙතත් රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබේ.ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම  දවස් 30 ක කාලයකට අත්හිටුවා ඇත.

“හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි” රාහුල් ගාන්ධි නැගූ ප්‍රශ්නය හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබිණ.

(ලංකාදීප)

පුවත්

ඩයනාට රූපවාහිනියෙන් නඩු

Published

on

By

රූපවාහිනී සජීවී විකාශන අවස්ථාවක්  ලබාගෙන  රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කියන  සංචාරක හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇතැයි ජාතික රූපවාහිනී සංස්ථාව ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති  ආචාර්ය  ප්‍රසාද් සමරසිංහ මහතා පවසා සිටියේ හිටපු අමාත්‍යවරියට නඩු පැවරීමට තමා අදාළ අංශ නිලධාරීන්ට උපදෙස් දී ඇති බෑවය.

මෙම හිඟ මුදල ගෙවන ලෙස කිහිප වතාවක්ම ඩයනා ගමගේ මහත්මියට දැනුම්දී  තිබුණද  විවිධ හේතු දක්වමින් ගෙවීම පැහැර හැරි බවද  සභාපතිවරයා විසින් වැඩිදුරත් පවසන ලදී.

නවගමුව පෙරහර සජීවී ලෙස ප්‍රචාරය කිරීම සඳහා ඇය මෙම විකාශනය  ලබා ගෙන  ගත්තේ ඒ සඳහා වැය වන සියලුම මුදල් තමා පෞද්ගලිකවම ගෙවන බවට පොරොන්දු වෙමින් ලිඛිත ලියවිල්ලක්ද ඉදිරිපත් කරමින් බව වාර්තා වේ.

ද්විත්ව පුරවැසිභාවය ගැටලුව  හේතුවෙන් ඩයනා ගමගේ මහත්මියට  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක්  දැරීමට අයිතියක් නැති බව  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ( 09) බදාදා  දැනුම් දෙන ලදී. ඒ අනුව ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

( ලංකාදීප )

Continue Reading

පුවත්

“වැල්ලේ සාරංගගේ” සමීපතමයෙක් අත්අඩංගුවට

Published

on

By

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින “වැල්ලේ සාරංග” ගේ ප්‍රධාන සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණි පුද්ගලයෙකුට ආධාර අනුබල සහ නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම පුද්ගලයාව ජාඇළ, තුඩැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින වැල්ලේ සාරංග නැමති පුද්ගලයාගේ මෙහෙයවීම මත පසුගිය මාර්තු මස 08 වනදා මත්තුමගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඔහුව ඝාතනය කිරීමට තැත්කර තිබේ.

එම වෙඩික්කරුට  නවාතැන් පහසුකම් ලබාදිම, මිනි මැරිමට තැත් කිරිම සඳහා ආධාර අනුබල දිම, හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලි ග්රෑම් 70ක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාමත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය විසින් ප්‍රකාශ කරන ලදී.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක් වන පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

දන්සැල්වලට සතොසෙන්  වට්ටම්

Published

on

By

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබා දීමට ලංකා සතොස තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රදේශයන්හි සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ලඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබා දෙන ලෙස දැනුම් දී ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved