Connect with us

පුවත්

යුද හමුදාවෙන් ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ බෑගයක්

Published

on

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක්( Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායකි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරනු ලැබුවේ මෙම ලෝක සම්ප්‍රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමිනි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ මඟපෙන්වීම මත, යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්‍රයේ  ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දෙන ලද පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත.

මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උප‍දෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය  ආරක්ෂිතව සහ සැලසුම්සහගතව උසස් තත්ත්වයේ සම් භාවිතයෙන් නිමවා ඇත.

ජනාධිපතිවරයාගේ අත්සන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ මගින් දෛනිකව ලිපිගොනු විශාල ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලයට යොමු කරන  බවත්, එහිදී ලිපිලේඛන බහලුම් සඳහා වැයවන මුදල් අවම කර ගැනීමට සියලු අමාත්‍යාංශවලට මෙවැනි බෑගයක් භාවිතා කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය බෑග් ද යුද හමුදාවට නිෂ්පාදනය කළ හැකි බවත් පැවසීය.

උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කරන ලද මෙම බෑගය බාර ගැනීමෙන් පසු එය පරික්ෂා කළ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට නිර්මාණ දායකත්වය සැපයූ සියලු ශිල්පීන් ඇගයීමට ලක් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

පුවත්

වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර

Published

on

By

අද (03) පස්වරුවේ වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලිසිය  විසින් ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ, කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලදීයි.

මේ හේතුවෙන්, කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනය අවහිර වීම සිදුවිය.

නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

Continue Reading

පුවත්

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවතට

Published

on

By

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නව රෙගුලාසියකට අද අත්සන් තබා ඇත.

ඒ අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද ( 03) දින අත්සන් කිරීම සිදුවිය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී මෙම අත්සන් තැබීම සිදුකරන ලදී.

Continue Reading

පුවත්

අරාබි හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

Published

on

By

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දීී ඇති බවයි.

මෙලෙස රාජකීය සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට එරට රජය ඉදිරි කාලයේදී කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අබුඩාබියේ සිටින ශ්‍රී ලංකා තානාපති – උදය ඉන්ද්‍රරත්න මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සිය හෘදයාංගම ස්තූතිය පළ කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved