Connect with us

පුවත්

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

Published

on

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.

වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.

එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.

හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

(ලංකාදීප)

පුවත්

ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදයි

Published

on

By

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව “ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’  යන්නයි.

1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර,

එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම් සහ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීම මෙම දිනය නම් කිරීමේ අරමුණ යි.

එතැන් සිට ලෝකයේ එක් එක් රටවල් මෙම දිනය සැමරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කරන අතර විශ්ව මානව හිමිකම් ප්‍රකාශනයේ 19 වැනි වගන්තියට අනුව මිනිසාට තොරතුරු ලබා ගැනීමට, තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති මානව හිමිකම යන අදහස ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

මෙවර ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය සමරන්නේ 31 වන වරටයි.

1986 වසරේ දෙසැම්බර් 17 වැනිදා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන්කර ඇත.

ඉකුත් අවුරුදු 10 තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනකු ඝාතනය කර ඇති බවට වාර්තා වන අතර මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකය වේ. දෙවැන්න සිරියාවයි.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේ දී හිමිවූයේ නොර්වේ රාජ්‍යයටයි.

2022 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වැනි ස්ථානයයි.

Continue Reading

පුවත්

ලාෆ්  ගෑස් මිලත් පහලට

Published

on

By

ලාෆ්  ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව  ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා  අද (3)  නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දැමූ බවත්,

නව මිල අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් පීරිස් මහතා විසින් පවසන ලදී.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3840 ක් දක්වා ද,
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද, අඩු වීම සිදුවේ.

Continue Reading

පුවත්

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

Published

on

By

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී ඇතැයි වාර්තා වේ.

එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය යටතේ සරත් ‍ ෆ‍ොන්සේකාට අමතරව, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක විපුල පීරිස් මහතා ද කණ්ඩායමක් රැගෙන එයට සහභාගි වී තිබේ.

ෆොන්සේකාගේ පිලට වඩා විපුලගේ පිලේ වැඩි පිරිසක් සිට ඇති බවත්, ෆොන්සේකා මේ රැලියට සහභාගිවී ඇත්තේ අනාරාධිතව බවද පැවසේ.

කෙසේවුවද, ෆොන්සේකා මේ තත්ත්වය හේතුවෙන් මැයි රැලියේ වැඩි වේලාක් නොසිට ඉන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved