Connect with us

පුවත්

රුසියානු හමුදාවට බැඳුන ලාංකිකයන්ගේ ලැයිස්තුවක් ඉල්ලයි

Published

on

රුසියානු – යුක්රේන් යුද්ධයේදී රුසියානු හමුදාවට එක්වීම සඳහා ශ්‍රී ලංකාවෙන් රුසියාවට පැමිණ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන හා සටන්වලදී මියගිය ගණන කොපමණ දැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරටින් වාර්තාවක් ඉල්ලා ඇත.

රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම ඉල්ලීම රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. ඒ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය කළ දැනුම්දීමකට අනුවය.

රුසියානු හමුදාවට එක් කිරීමට ශ්‍රී ලංකා හමුදාවන්හි සේවයේ නිරත සාමාජිකයන් බටහිර තානාපති කාර්යාලයක නිලධාරින්ගේ සහායෙන් මෙරටින් රැගෙන යන ජාවාරමක් මීට පෙර අනාවරණ වී තිබිණ.

මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට මෙවැනි ජාවාරම්වලට හසු නොවන ලෙසට දැනුම්වත් කරන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දැනුම් දී ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ලාෆ්  ගෑස් මිලත් පහලට

Published

on

By

ලාෆ්  ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව  ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා  අද (3)  නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දැමූ බවත්,

නව මිල අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් පීරිස් මහතා විසින් පවසන ලදී.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3840 ක් දක්වා ද,
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද, අඩු වීම සිදුවේ.

Continue Reading

පුවත්

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

Published

on

By

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී ඇතැයි වාර්තා වේ.

එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය යටතේ සරත් ‍ ෆ‍ොන්සේකාට අමතරව, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක විපුල පීරිස් මහතා ද කණ්ඩායමක් රැගෙන එයට සහභාගි වී තිබේ.

ෆොන්සේකාගේ පිලට වඩා විපුලගේ පිලේ වැඩි පිරිසක් සිට ඇති බවත්, ෆොන්සේකා මේ රැලියට සහභාගිවී ඇත්තේ අනාරාධිතව බවද පැවසේ.

කෙසේවුවද, ෆොන්සේකා මේ තත්ත්වය හේතුවෙන් මැයි රැලියේ වැඩි වේලාක් නොසිට ඉන් පිටව ගොස් ඇති බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

චීන – ලංකා අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යයි

Published

on

By

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං (Qi Zhenhong) මහතා ඊයේ (02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබේ.

2024 මාර්තු මාසයේදී අග්‍රාමාත්‍යවරයාගේ චීන නිල සංචාරය අතරතුර දී දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණි.

අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන මිත්‍රත්වයේ සහ ආර්ථික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දෙරටෙහි අගමැතිවරුන් ඉදිරියේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ගිවිසුම්වලට අත්සන් තැබූ අතර චීනය වෙනුවෙන් අමාත්‍යාංශ නවයක ලේකම්වරු අත්සන් තබා තිබුණි.

ඊයේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අමතර ව, ආර්ථික ගැටළු සඳහා දිගුකාලීන විසඳුම් වශයෙන් චීනයෙන් සෘජු පෞද්ගලික ආයෝජන මෙන් ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ද ශ්‍රී ලංකාව චීනයට ඇරයුම් කරන බව යි.

දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන ශක්තිය පිළිබඳ සතුටු වන බව තානාපති චී ජන්හොං මහතා මෙහිදී පැවසූ අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික විය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා සහ චීන ආර්ථික උපදේශකවරයා ද මෙම හමුවට එක් ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved