Connect with us

පුවත්

60ක් මරා දැමූ මොස්කව් රඟහල් ප්‍රහාරය

Published

on

රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් 60දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් බාරගෙන ඇති බවය.

රුසියාවේ මොස්කව් නගරය ආසන්නයේ ක්‍රස්නොගෝර්ස්ක්හි පිහිටි රංග ශාලාවක වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

විදෙස් වාර්තා සඳහන් කළේ හමුදා සාමාජිකයින් ට සමාන ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව්දෙනෙකු ප්‍රසංගයක් පැවති අදාළ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

වෙඩි තැබීම සිදුකර තිබුණේ රොක් සංගීත කණ්ඩායමක් පවත්වන සංගීත සංදර්ශනයක් ආරම්භ වීමට මොහොතක් තිබියදීය.

සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ප්‍රහාරය සිදුවූ අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට ඉන් හානියක් සිදුව නොමැති බව ද වාර්තා වේ.

ආසන 6,200කින් සමන්විත රංග ශාලාව ඒ මොහොතවන විට ජනතාවගෙන් පිරී පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

ප්‍රහාරයත් සමඟ ප්‍රසංගය පැවති ශාලාව තුළ ගින්නක් ද හටගෙන ගෙන තිබේ.

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පැවසුවේ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු හෝ පස් දෙනෙකු අතර පිරිසක් ආරක්ෂකයින්ට වෙඩි තබා පසුව ප්‍රේක්ෂකයන්ට වෙඩි තැබීම සිදුකර ඇති බවය.

විනාඩි 15 ක් හෝ 20 ක් කාලයක් ප්‍රහාරය සිදුකර ඇති බව සඳහන් වේ. 

තුවාල ලැබූවන් අතර කුඩා ළමුන් ද සිටින අතර රුසියානු විදේශ අමාත්‍යාංශය “මෙම ත්‍රස්ත ප්‍රහාරය” හෙළා දකින බව සඳහන් කර තිබේ.

මේ වනවටි රුසියාවේ මොස්කව්හි ආරක්ෂාව තරකර ඇති අතර, එක්සත් ජනපද තානාපති කාර්යාලය එක්සත් ජනපද පුරවැසියන්ට විශාල රැස්වීම්වලින් වළකින ලෙස අනතුරු ඇඟවීමක් කළේ, “මොස්කව්හි විශාල රැස්වීම් ඉලක්ක කිරීමට අන්තවාදීන්ට ආසන්න සැලසුම් ඇති” බවට වන වාර්තා අධීක්‍ෂණය කර තිබූ පසුබිමකය.

ප්‍රහාරය සඳහා පැමිණි තුවක්කුකරුවන් පසුව සුදු පැහැති මෝටර් රථයකින් පළාගොස් ඇති බව සඳහන් වේ.

පුවත්

ඇමරිකානු නැවකට ලංකාවෙන් තහනමක්

Published

on

By

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට  ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව  ඉහත පියවර ගෙන ඇත.

මෙම  පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ තිබේ.

නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට  අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද ඒ සඳහා අවසර දී නැති බව වාර්තා වේ.

මීට පෙර ද  චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ද  ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත ගැටුම අද

Published

on

By

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (27) තරඟය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතය.

අබුඩාබිහිදී පැවැත්වෙන මෙහි  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු හට හිමි වී ඇති අතර ස්කොට්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, කත්‍රයන් බර්සි විසිනි.

ඇ කාණ්ඩය නියෝජනය කරන ස්කොට්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව එහි දෙවන ස්ථානයේ පසුවේ.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තායිලන්තයට එරෙහිව තරග වැදුන අතර එම තරගය ලකුණු 67කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් විය.

Continue Reading

පුවත්

අනුර අද ස්වීඩනයේ ජනහමුවක

Published

on

By

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබේ. 

ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද (27)  පස්වරු 6.00ට පමණ ජන හමුව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 

ජාතික ජනබලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය කරනු  ලබයි.

ජනහමු හා සුහද හමු කිහිපයක් සඳහා සහභාගිවීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 25 වැනිදා රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගිය අතර ස්වීඩනයේ STOCKHOLM ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ එරට ලාංකේයන්ගෙන් ඉහළ පිළිගැනීමක් විය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved