විදුලිබඩු ගෙන්වා අලෙවිකරනු ලබන අබාන්ස් පීඑල්සී ආයතනය විසින් වඳුරකුගේ රුව යොදාගත් වෙළඳ දැන්වීම් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මේවන විට සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ.
ඒ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගිය 09 වැනිදා දිවයින පුරා විදුලි බිඳවැටීමට හේතුව ලෙස පානදුර විදුලි උප පොළේ ට්‍රාන්ස්පෝමරයක වඳුරකු ගැටීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හාස්‍යට ලක්කිරීමට මෙය සිදු කර ඇති බවට අදහස් පළවීමත් සමඟය.
අබාන් පෙස්ටන්ජි (Aban Pestonjee) මහත්මිය විසින් ආරම්භ කරන ලද අබාන්ස් ගෘෘප් හි වර්තමාන පාලන කටුයුතු සරෝෂි ඩුබාෂ්, රුසි පෙස්ටන්ජි හා චන්ද්‍රිකා පෙරේරා ඇතුළු පිරිසක් විසින් සිදුකරනු ලබයි.
සබැඳි පුවත්