පුවත්

රිෂී, බ්‍රිතාන්‍යයේ නව අගමැති වන ලකුණු

Published

on

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂී සුනාක් පත් වීමට නියමිත බව වාර්තා වේ.

නාමයෝජනා අවසන් වීමට පෙර අවසන් මිනිත්තු කිහිපයේදී ටෝරි නායකත්ව තරඟයෙන් පෙනී මෝඩෝට් ඉවත් වී තිබුණු අතර, 42 හැවිරිදි සුනාක් ට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අඩකට වැඩි පිරිසකගේ සහය හිමිවිය.

මීට සති 7කට පෙර කොන්සවේටිව් පක්ෂ නායකත්වයට ඉදිරිපත් වූ සුනාක්, ලිස් ට්‍රස් ට පරාජය විය.

මේ අනුව, ඔහු එරට පළමු ආසියාතික සම්භවයක් ඇති අගමැතිවරයා මෙන්ම සියවසකට වඩා වැඩි කාලයක තුළ බලයට පත්වන ලාබාලතම අගමැතිවරයා බවටද පත්වනු ඇත.

Trending

Exit mobile version